Pages

Friday, November 19, 2010

ඔබටයි මේ ආයාචනා!

රෑ අහසේ සඳ දකින්න මං හරි ආසයි,
දුර ඈත උනත් ලගින් ඉන්න නම් හරි ආසයි,
තරු කැලක් මැදට වී හිනැහෙන,
නිති හසරැල්ලෙන් සැරසුන,
ඔබත් එක්ක ගුවන් ගැබේ ඉන්නට ආසයි,
ඔබේ ආදර කැලුමෙන් සැරසෙන්නට ආසයි.

මේ දෙරණේ රළු භාවය
අහසේ ඉන්න ඔබ නොදන්නේ,
මගේ නෙතින් සිතින් ඈත ඉන්න සඳ නිසයි,
එනමුත් ඔබ අඳුරු ලොවට තනි පහන් ටැඹක්.
මගේ හිතට නිවහල් සැනසුම දෙන ඔසුවක්.

සිත දුහුල් මලක් මෙන් නිදහස් 
ඔබව දකින්නට ඇතිනම්,
ඔබේ කන්කලු වදනින් මට
නිති සැරසෙන්නට ඇතිනම්,
මගේ සිතේ සෙනෙහස දල රළ පෙළ නැග එයි.
සුකොමළ කව් ගී පද වැල් නිති මුව දැවටෙයි.


3 comments:

  1. Nice nice :)

    But i think you have a slight mistake in the title, Shouldn't it be "Sanduni"? not "Sandun"?

    Why don't you publish this in a syndi? Such as Sinhalabloggers.lk 's syndicator....

    Then you will have a wider audience

    :)

    -Dilshan

    ReplyDelete
  2. රෑ අහසෙ මමසද උනානම්....
    නුබට කිසිදා අදුරෙ ඉන්න නොදෙන්නෙමි...
    සැමදා පුරහද විලසින් ...
    නුබෙ ලොව එලිය කරන්නෙමි...............

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews