Wednesday, November 24, 2010

මෙන්න අලුත් ට්‍රෙන්ඩ් එකක් | "ගේ" පුරවර

ඉස්සර නම් අපි හිතුවේ මොබයිල් ෆෝන් එකක් අයිති කර ගන්න එක හීනයක් විතරයි කියලා. ගත්තු කටටම කියන්නේ ඕවා ඔය ලොකු ලොකු අය පාවිච්චි කරන ඒවා නොවැ කියලා. අපෝ ඒකට අද, හිච්චයි, පැංචයි, බට්ටයි, ටිට්ටයි, කොල්ලයි, බල්ලයි හැම එකා ලඟම කනේ ගහ ගන්න එකක් තියනවා. දැන් නැතිවුන බල්ලව හොයන්නෙත් ජී.පී.ඇස් එකෙන් නොවැ. ඔවා ඉතින් වැදගැම්මක් ඇති ට්‍රෙන්ඩ් නිසා වටිනවා.

මං මේ බ්ලොග් සටහනක් ලියන්නේ මොබයිල් ෆෝන් ගැන කියන්න නම් නෙමේ. ලංකාවෙ දකින්න ලැබේන අලුත්ම ට්‍රෙන්ඩ් එක ගැන කියන්නයි. ලංකාව ඉතින් කොපි කැට් රටක් විදිහට හරිම ප්‍රසිද්ධයි නොවැ. එන එන අලුත් ට්‍රෙන්ඩ් එක කර ගහන්න ඉතින් හරිම දක්ෂයි. ඔන්න ඉතින් රජ කාලේ අපි නම් දැක්කේ රජ්ජුරුවෝ අන්තඃපුර තියාගෙන හිටපු හැටියි. කාන්තාවගේ රූ සපුවෙන් මන්මත් වුන රාජ කුමාරයෝ, ඒ උදවිය අයිති කරගන්න යුද්ධ පවා කරලා තියෙන බව අපි කවුරුත් දන්නවා. මං දන්න තරමින් නම් "ගේ" පුරවර තිබ්බේ නම් නැත. නමුත් අද ලංකාවේ ඉන්න සමහර අය "ගේ" පුරවර තියාගෙනලු ඉන්නේ. මං හිතන්නේ නම් "ගේ" පුරවර ට්‍රෙන්ඩ් එක රජ කාලේ ආභාශය මොඩිෆයි කරලා ගත්තු අලුත්ම ට්‍රෙන්ඩ් එකක්. ලොකේ "ගේ" මිනිසුන් ජීවත් වුනත්, ලංකාව සාඩම්බරයෙන් ලොවට හඳුන්වා දෙන ගේ පුරවර තව ටික දවසකින් අර මොබයිල් ෆෝන් වගේම පබ්ලික් වෙයි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මං හිතන විදිහට නම් මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ ලංකාවේ ජීවත් වන ගේ ගහනය අවම මට්ටමක පවතින නිසා වෙන්න ඇති.

1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews