Monday, November 29, 2010

පදිකයාගේ සටහන

වාරුව නෑ මට අරුණලු වැටෙන කොට,
වීරිය ගෙන පිබිදෙමි දරු පෙම හිතට ගෙන,
දරු අඹු අපේ දොම්නස් ගිනි නිවගන්ට,
දුම් රිය සකට මගේ දෙපය නොදෙවෙනිය,

පැන් උගුරක් නොමැතිව මම උදේ පටන්
ඉන්නේ අව් රැසින් සැරසුනු දිදුල නෙතින්
ගන්නේ නොමැතිව බල බල යන සෙයිලමේ ලඳුන්,
දන්නේ නැතිද අපේ දහඩිය සැලෙන තරම්.

බැස යන හිරු අහසේ දකින විට,
පෙනෙයි මගෙ කිරි කැටියන් ගේ මුහුණ,
ගන්නට ඇතිනම් බෝනික්කෙක් උන්ට,
රජ කම ලැබූවා වගේ දැනේවි මට.


5 comments:

  1. ලස්සනට ලියලා.... :))))

    බැස යන හිරු අහසේ දකින විට,
    පෙනෙයි මගෙ කිරි කැටියන් ගේ මුහුණ,
    ගන්නට ඇතිනම් බෝනික්කෙක් උන්ට,
    රජ කම ලැබූවා වගේ දැනේවි මට

    මේ පදය ට හුගාක් ආසා හිතුනා.

    ReplyDelete
  2. ඇත්ත තමයි. පාරේ යන අපිට ඕවා දැනෙන්නේ නෑනේ...

    ReplyDelete
  3. If you got this comment verification off, readers will find it easy to comment on your posts. :)

    ReplyDelete
  4. නියමයි! අන්තිම පද හතර නම් උපරිමයි :)

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews