Pages

Thursday, April 1, 2010

අහිමි වූ සිහිනය..

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

පෙරුම් පුරා මා ඉටු කරලන්නට
සදා සිහින මැවූ,
සෙනෙහස වෙනුවෙන් සතුටු කරන්නට
දහසක් පැතුම් පැතූ..
සදා.........
ආදරනීය වූ...

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

සිහින ලොවක මා තනි වී සිටියෙමි,
සිහිනෙන් මා හද සනසා ගත්තෙමි,
ඔබ වෙනුවෙන් එය ඉටු කරලන්නට,
මගේ සිහිනය හට පන දෙන්නට,
නොහැකිව කදුලැලි සලමින්,
නොහැකිව කදුලැලි සලමින්..//

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

පද රචනය හා තනුව: zසා zසා




No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews