Saturday, June 25, 2011

ලව් ඇට් ෆිෆ්ටි..

අද මං කියන්න යන්නේ ටිකක් විතර ජොලි කතාවක්. නමුත් මේක කොච්චර බරපතලද කියලා නම් මම දන්නේ නෑ. මට නම් මහ ලැජ්ජාවක් හිතුනේ ඒ වගේම බඩ පැලෙන්න හිනා. ඉතින් මෙන්න මේකයි කතාව. හැමදාම වගේ මට ලෙක්චර්ස් තියෙන්නේ උදේ වරුවේ බොහෝ වෙලාවට 10.00 සහ 11.00 අතර. ඉතිං මං සුපුරුදු පරිදි බස් එකට ගොඩ වුනේ පුලුවන් තරම් ඉක්මනට බහින අදහසින්. වැඩි තද බදයක් නැති නිසා මටත් ආසනයක් ලැබුනා අවුරුදු 50 ක් විතර වයසැති කාන්තාවක් අසල. ඇයගේ රූපය නම්
මං වැඩියේ දැක්කේ නෑ. නමුත් කට හඬ නම් ඇහුනා ඇයට ලැබුන පලවෙනි දුරකථන ඇමතුමේන්. මගේ කන පැලෙන තරමට ඇය එම ඇමතුමට පිළිතුරු දුන්නේ ගහ මරා ගන්න වගේ. බස් රිය දිගින් දිගටම යන අතර සෑම ආසනයක්ම පිරී තිබිණි. ඊලඟ නැවතුම ලඟා වුන සැනින් අවුරුදු 25 ක විතර කොල්ලෙක් බස් රියට ගොඩ වෙලා මගේ ආසනයට ඉදිරියෙන් හිටගෙන ගමන් ගන්නා අතර අර පෙර කියූ කාන්තාවට නැවත දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ප්‍රේමණීය ගීතයක් වාදනය කරමින්ය. මට ඒක ඇහුණ ගමන් බකස් ගහලා හිනා ගියා. මං හොරෙන් බැලුවා අර හිටගෙන ඉන්න එකා දිහා, ඒ කොල්ලාත් මේ සිංඳුව ඇහුන වෙලේ ඉඳන් හිනා වෙනවා තනියම.

ඉතින් දැන් ඇය ෆොන් එකෙන් කතාව.
කාන්තාව : ඔයා කෑවද?
එහා පැත්තෙන් කිව්ව දේ නම් මට ඇහුනේ නැත.
ඔයා නැතුව මම නම් කවදාවත් කන්නේ නෑ..
එහා පැත්තෙන් යම් දෙයක් කියයි.
නැවත, අනේ බෑ අනේ ඔයා හරි නරකයි.
ඔයා දන්නවද මගේ යළුවා කුසුම් හෙට එනවා කිව්වා, එයාගෙ එක්කෙනා එයාට හරියට වද දෙනවලු, ප්‍රශ්න ගොඩයිලු.
නැවත හඬට පිළිතුරක් ලෙසින්, ඇයි ඔයා මට ඊයේ රෑ බැන්නේ, මට හුඟක් දුක හිතුනා...
හරි හරි දැන් යන්න ඔයා..
මේ.. මට කියවන්න ආස හිතෙන මැසේජ් එකක් එවන්න හොඳේ..

මට මේ මළ කෝලම අහගේන ඉන්න බැරිම තැන headset එක දාගත්තා. අර කොල්ලටත් ඉන්න බැරිම තැන හිනා වෙවී ගියා ඉස්සරහට. මට නැගිටින්නත් බෑ. බහින්න තව ගොඩක් දුර යන්න තියනවා. මේ කාන්තාව මම බහින තැන වෙනකම්ම කතාව. මට ඇහුන දේවල් සේරම ආසනය ඉදිරිපිට හිටපු අයටයි පසුපෙළ හිටපු අයටයි, ඇහෙන මානයේ ඉන්න හැමෝටමයි හොඳටම ඇහෙන වග නම් හොඳටම දන්නවා. කොන්දොස්තර මහත්මයාත් හිනාවෙවී එහාට මෙහාට යනවා.
අනේ මන්දා ඇයි මිනිස්සු පොදු තැන්වලත් මෙහෙම හැසිරෙන්නේ කියලා. පොඩි වයසේ කෙනෙක් නම් චුට්ටක් හරි සමාව දෙන්න පුලුවන්. මේක නිකන් හැට පැනලත් හොට ඇනිලා නෑ වගේ කතාවක් තමයි. හොඳ දේකට එහෙම උනත් කමක් නෑ. තව දේවල් කියවනවා මට ලාවට වගේ ඇහෙනවා නමුත් මම මගේ music player එකේ volume එක maximum දාලා තිබ්බ නිසා නිදහසේ යන්න පුලුවන් වුනා. අනේ මෙහෙමත් ලැජ්ජ නැති මිනිස්සු.



9 comments:

  1. ආ ඇන්ටි ගමටම බෙදන්න මල් කඩලා :P

    ReplyDelete
  2. හික් හික් ගණන් ගන්න එපා මේ ලංකාවනේ

    ReplyDelete
  3. මමත් බස් වල එහා මෙහා යද්දී මේවගෙ ගොන් පාට් ඇහිල තියෙනව. බොහෝ වෙලාවට මැදිවියෙ උදවියම තමා. එයාලට හිතෙන්නෙ මොබයිල් ෆෝන් වලින් කතා කරන්න ඕනෙ මහ හයියෙන් කියලා..

    ReplyDelete
  4. මෙහෙම දෙයකුත් තියනවා. සමහර මිනිස්සුන්ට හෙමින් කතා කරන්න බැරි කමක් තියනව. එයාල හිතලම එහෙම හිමින් කතා කලත් විනාඩියක් යද්දි ආයෙත් නොදැනුවත්වම හයියෙන් (ශබ්ධ නගා) කතා කරන්න පටන් ගන්නව. මම ඔය දේ දැකල තියනව මැදි වයසෙ පුද්ගලයන්ගෙනුත්, තරුණ අයගෙනුත්. මේ කාන්තාවත් සමහර විට ඒ ගොඩටම වැටෙන කෙනෙක් වෙන්න ඇති. අද කාලෙ තියන ජංගම දුරකථන සෑම එකකටම තියෙන්නේ ඉතාමත් සංවේදී මයික්‍රෆෝනයක්. ඒකට ඉතා කුඩා ශබ්දයක් වුනත් අනෙක් පස සිටින කෙනාට යවන්න පුලුවන් හැකියාවක් තියනව කියලයි මම හිතන්නේ. ඉතින් ජංගම දුරකතන පාවිච්චි කරන අය පොදු ස්ථාන වලදි ජංගම දුරකතනය පාවිච්චි කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක මමත් පිළිගන්නව.

    ප/ලි - එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
  5. ඇන්ටිට නාකි විසේ ගහල වගේ :D

    ReplyDelete
  6. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  7. හහා. ඕකට කියන්නෙ නාකි විසේ ගෙටත් උසේ වගේ කතාවක්. මේකනෙ, ඒ අයට තරුණ කාලෙ ගන්න බැරිවුන ආතල් දැන් ගන්නව. ඉතින් ඕකට මුකුත් වරදක් කියන්න බෑ. පව්නෙ. :(

    ReplyDelete
  8. හප්පා :D මම එහෙම ඔතන හිටියා නම් හිනා කාලා මැරෙනවා :D දැන් නෙ අපි මේවා දකින්නේ :P

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews