Thursday, September 19, 2013

මට පුළුවන් විදිහට..

මා බාල වියේ සිට හිතේ තිබූ හීනයක් හැබෑ කරගන්න පුළුවන් කාලයක් උදා වෙලා කියා පැවසුවොත් මම නිවැරදියි. දැනට මම මේ ව්‍යාපෘතිය තනිවම කරගෙන යන අතර එය ඉතා කුඩා පරිමාණයෙනි. මම දියත් කරන ඊලඟ ව්‍යාපෘතිය වන්නේ, අලුත් අවුරුද්දට පොත් ලැයිස්තුව මිලදී ගන්න බැරි නංඟිලා මල්ලිලාට පුලුවන් විදිහට දායක වෙන්න. මේ කටයුත්ත මහා පරිමාණයෙන් දියත් කිරීමට  දැනට හැකියාවක් නොපවතින අතර, හැකිතාක් දුරට මගේ යහලු යෙහෙලියන්, නෑ හිතමිතුරන් දැනුවත් කර සියලු කටයුතු සූදානම් කර ඇත.

Tuesday, September 17, 2013

කරුණාවති.. අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක්.

කව්ද මේ කරුණවති? පසුගිය දිනක කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගොඩවැදුනේ මගේ මහත්තයාට වැලඳී තිබූ උණ සහ කැස්සට ප්‍රතිකාර ලබා ගැනීමටය. නර්ස් නෝනා අප දෙදෙනා දොස්තර මහත්මිය වෙතට යවන තුරු අප රැඳී සිටියේ වෙද්‍ය කුටිය පිටත පේලියට දමා ඇති ආසන වලය. සුපුරුදු ලෙස මගේ නෙතට ගැටෙන සියලු දේනා අධ්‍යනය කරන මම දුටුවේ බාල රෙදිපටක් වුවද ඉතා පිලිවලට මසා නිම කල ඇඳුමක් ඇඳගත් මිටි කාන්තාවකි. ඇය ඉතා සෙමින් ඇවිද ආවේ ජංගම දුරකතනයකින් කතා කර කර අප දෙසට ඇදී ආ කාන්තාවක් පසු පසින්ය.. ඇයගේ කතාවට සවන් දුන් මට දැනගන්නට ලැබුනේ ඇය හිටිවන බුදු පිළිමයක් මිලදී ගැනීමට තැනක් සොයන බැවිනි. ඇය දුරකථනයෙන් දිගටම කතා කරමින් පැමිණ පුටු දෙක තුනක් එහායින් අසුන් ගත්තාය.

මා දුටු මිටි කාන්තාව මා අසල හිටගෙන ඇය දෙස බලා සිටි අතර දුරකතනයෙන් කතා කර කර ආ කාන්තාව ඇයට වාඩි වන ලෙස හිසින් සංඥා කලාය. ඇයද එම සංඥාව අනුගමනය කරමින් මා අසල වාඩි වූවාය. සුළු මොහොතකට මට අනුමාන කර ගැනීමට නොහැකි වුනේ මේ ඇයගේ මවද නැතිනම් අඳුරන කාන්තාවක් ද කියා. නමුත් ඇය මව විය නොහැකිය, කිමද ඇය අසුන් ගැනීමට දෙවරක් කල්පනා කල බැවින්.

දුරකතන ඇමතුම අවසන් වූ විගස ඇය අනෙක් කාන්තාව සමඟ කතා කරන්නට පටන් ගත්තාය. "කරුණාවති, ඔයා බෙහෙත් ඕනාවට වඩා අරගෙන ඇඟට ඔය බෙහෙත් පුරුදු වෙලා, ඒකයි ඔය කිසිම බෙහෙතක් දැන් වැඩකරන්නේ නැත්තේ". කරුණාවති ඇය දෙස බලා අහින්සක සිනහවක් පෑවාය.

Live Tweets -- Follow Me

    Total Pageviews