Tuesday, September 17, 2013

කරුණාවති.. අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක්.

කව්ද මේ කරුණවති? පසුගිය දිනක කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගොඩවැදුනේ මගේ මහත්තයාට වැලඳී තිබූ උණ සහ කැස්සට ප්‍රතිකාර ලබා ගැනීමටය. නර්ස් නෝනා අප දෙදෙනා දොස්තර මහත්මිය වෙතට යවන තුරු අප රැඳී සිටියේ වෙද්‍ය කුටිය පිටත පේලියට දමා ඇති ආසන වලය. සුපුරුදු ලෙස මගේ නෙතට ගැටෙන සියලු දේනා අධ්‍යනය කරන මම දුටුවේ බාල රෙදිපටක් වුවද ඉතා පිලිවලට මසා නිම කල ඇඳුමක් ඇඳගත් මිටි කාන්තාවකි. ඇය ඉතා සෙමින් ඇවිද ආවේ ජංගම දුරකතනයකින් කතා කර කර අප දෙසට ඇදී ආ කාන්තාවක් පසු පසින්ය.. ඇයගේ කතාවට සවන් දුන් මට දැනගන්නට ලැබුනේ ඇය හිටිවන බුදු පිළිමයක් මිලදී ගැනීමට තැනක් සොයන බැවිනි. ඇය දුරකථනයෙන් දිගටම කතා කරමින් පැමිණ පුටු දෙක තුනක් එහායින් අසුන් ගත්තාය.

මා දුටු මිටි කාන්තාව මා අසල හිටගෙන ඇය දෙස බලා සිටි අතර දුරකතනයෙන් කතා කර කර ආ කාන්තාව ඇයට වාඩි වන ලෙස හිසින් සංඥා කලාය. ඇයද එම සංඥාව අනුගමනය කරමින් මා අසල වාඩි වූවාය. සුළු මොහොතකට මට අනුමාන කර ගැනීමට නොහැකි වුනේ මේ ඇයගේ මවද නැතිනම් අඳුරන කාන්තාවක් ද කියා. නමුත් ඇය මව විය නොහැකිය, කිමද ඇය අසුන් ගැනීමට දෙවරක් කල්පනා කල බැවින්.

දුරකතන ඇමතුම අවසන් වූ විගස ඇය අනෙක් කාන්තාව සමඟ කතා කරන්නට පටන් ගත්තාය. "කරුණාවති, ඔයා බෙහෙත් ඕනාවට වඩා අරගෙන ඇඟට ඔය බෙහෙත් පුරුදු වෙලා, ඒකයි ඔය කිසිම බෙහෙතක් දැන් වැඩකරන්නේ නැත්තේ". කරුණාවති ඇය දෙස බලා අහින්සක සිනහවක් පෑවාය.
"මොනා කරන්නද නෝනා, හැමදාම නෝනලාට කරදර කරන්නත් බෑ නොවැ, මම ඉතින් තියන එකක් බොනවා." කරුණාවතී කීවාය. ඒ මොහොතේ මට වැටහුනා කරුණාවති මේ ගුණවත් කාන්තාවගේ නිවසේ සේවය කල සේවිකාවක් විය යුතු බව.

කරුණාවතී බීලා තියෙන්නේ වෙන්ටොලින්, ඒක බොන්න ඕන අනිත් බෙහෙත් එක්ක එකතු කරලා, දැන් ඩොක්ටර් බැන්නේ ඒ නිසයි. කෝ අපි අරන් දුන්න ඉන්හේලර් එක? ඇය කරුණාවතීගෙන් ඇසුවාය. අනේ නෝනා ඒක බබාගේ අතින් බිමට වැටිලා කැඩුනා. මම ඉතින් අයෙත් නොනලාට වියදමක් කියලා කිව්වේ නෑ.. කරුණාවතී කීවාය.

ඒකනේ කියන්නේ, කරුණාවතී කියන විදිහට ඉඳලා නෑනේ.. දැන් ඉතින් මොනා කරන්නද, මෙහ් බෙහෙත් ටික හරියටම ගන්න ඕන. රෑට තවන්න එපා. රෑට තැව්වම ඇඟ සීතල වෙනවා. ඇය කරුණාවතීට ඉතා කරුණාවෙන් අවවාද කලාය. හා නෝනා.. කරුණාවතී එකඟ වූවාය.

කරුණාවතීගේ නෝනාගේ ස්වාමියාද එතැනට පැමිණ අසුන් ගත්තේය. ඩොක්ටර් මොනාද කිව්වේ? ඔහු ඇසුවේය. ඔහු විස්තර දැනගත් පසු, අපි ඩොක්ටර් කිව්වා වගේම ලබන සතියෙත් ඇවිත් චෙක් කර ගමු. කරුණාවතී ටිකක් විවේක ගන්න. කොච්චර කිව්වත් වැඩ කරගෙනමනේ.. ඔහු කීවේය. කරුණාවතීට බෙහෙත් මාත්‍රාව ගන්න තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්න. වැරදි විදිහට බෙහෙත් ගත්තාම තව ලෙඩ වලට හැරෙනවා. ඔහු අවවාද කලේය. කරුණාවතී ඉතා බැගෑපත්ව සිනහවක් පෑවාය.

පසුව ඇය ඔවුන්ගේන් පොඩි ඉල්ලීමක් කලාය. මහත්තයා, මාව අපේ කාගේ හරි ගෙදර ගිහින් ඇරලනවාද? මහත්තයල කරදර වෙන්න ඕන නෑ. මේක කරදරයක් නෙමේ, ඔහු පැවසුවේ ඉතා කරුණාවෙන්. කරුණාවතී... එයාල ආවහම දෙන කිසිම නොම්බරයක් වැඩ කරන්නේ නෑ, අනිත් එක අපිට එයාලව හොයලා ගිහින් කරුණාවතීව ඇරලවන්න උවමනාවක් නෑ, අපි කරුණාවතීටව අන්තිම වෙනකන් බලාගන්න කැමතී. අපි වෙනුවෙන් ගොඩක් කැපවුනු කරුණාවතී ලෙඩ වුනහම බලාගන්න එක අපේ යුතුකමක්.

මේ අපූරු සිදුවීම බලා හිටිය මගේ දෙනතට කඳුලු පැමිණියේ සැනෙකිනි. දෙමාපියන් රැකබලා නොගන්නා ලෝකයක, තම නිවසේ බැල මෙහෙවර කම් කල වයස්ගත කාන්තාවට මෙලෙස සලකන මිනිසුන් සිටින තුරාවට සෙනෙහස වචනයට පමණක් සීමා නොවූ  දෙයක් බව මට වැටහිනි.

3 comments:

  1. මේ අපේ ලංකාවේ , ගෙදර වැඩකරන මනුස්සයට කන්ඩවත් නොදෙන රටේ . විස්වාස කරන්නත් බැ

    ReplyDelete
  2. මම ඉන්න රටේ ලංකාවේ ගෘහසේවිකාවෝ අනන්ත ඉන්නවා. එයාලට ඇත්තෙන්ම මෙහෙ මිනිස්සු 90% ම හොදට සලකනවා. මෙහෙ කචල් දාගත්තු අය තමයි ඔහෙට ඇවිත් මුහුණ දෙන්න බැරි නිසා බොරු බයිලා කියන්නේ .

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews