Pages

Thursday, June 26, 2014

සමුගනිමි..

නුඹ මගේ සිත පුරා,
සක්මන් කරනා තුරා..
නොසන්සුන් මගේ මනස..
තවත් වියවුල් වෙනා..

දැන නොදැන සඳ නුඹට..
පෙම් කලා සිත් පුරා..
උමතු වී, ළතැවෙවී..
කොහේ යම්දෝ මෙමා.. 

තනිකමින් හද බිඳී..
ඉසව්වක් සොය සොයා..
යන කෘෂ්ණ භවය තුල..
වය වියපත් වෙලා..

දරුණු රළු සැඩ පහර..
දරන්නට බැරි නිසා..
මතු භවයේ හමුවන්න..
පතනවා සිත් පුරා..

නුඹේ දෙණුවන් බලා..
අවසන් සුසුම් හෙලා..
සමුගනිමි මා තොසින්..
තුටු කදුළැලි සලා..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews