Thursday, July 17, 2014

සසල සිත..

මම කවුද.. කිමද මේ..
අරුතක් නොදැන මා..
කෙසේ කියම්දෝ ඔබට,
වියවුල් මනසක පෑ..

සුහද බස් දොඩන්නේ,
හිඳ ගව් හතක් දුරින්..
ගැටුණු විට, නෙතට නෙත,
වෙනතක බලා යමින්..

උණු වුනේ මගේ සිත,
දැක ඔබේ සත් සුගුණ..
වදනකින් හෝ ඔබව,
සනසන්නට සිතුණි මට.

ඔබේ සිනහව පතන,
අහිංසක මගේ ලය..
ඉකි ගසා අඬන්නේ,
නොහඟවා මගේ නෙතට..

කුමක් කලාද මම?
මම දන්නේ නෑ තවම..
ඔබට ලං වන්නට,
අවසර නැතිද මට?


1 comment:

  1. මට හිතුන මේ මගේ කවියද කියල..ජීවිතේ යන්ත්‍රයක් වගේ ගෙවෙනවා.උදේ නැගිටිනවා ඔෆිස් යනවා,හවස ගෙදර එනවා, නිදාගන්නවා, අයෙමත් තවත් දවසක්...ඒ හැම දවසකම ඔයාගේ කටහඬ මාව ජීවත් කරනවා.ඔය ඇනුවල් දැම්ම කිව්වම මගේ හිත ගල් ගැහුනා.මගේ හුස්ම වැටෙන්නේ ඔයාගේ කටහඬ ත් එක්ක නිසා..කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරි මේ බැඳීම අවසන් වෙනවනම් ඒ මගේ හුස්ම ටිකත් එක්කමයි කියල මට හිතෙනවා..
    සමාවෙන්න comment එකක් වෙනුවට දුක ලිව්වට. මට මගේ කවි ලියන්න තාම බ්ලොග් එකක් නෑ...

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews