Saturday, August 13, 2016

ඇන්ටි... ඇන්ටි...

ඇන්ටි... ඇන්ටි.. ඔය බෝලේ මෙහාට දාන්නකෝ..
ඇන්ටි... ඇන්ටි...
ඔය බෝලේ මෙහාට දාන්නකෝ..
ඇන්ටී.....යී...යී...යී...
ෆියෝනා එවිට ඒ හඬ ආ දෙස හැරී බැලුවාය. 
මල්ලි ඇයි මේ බෙරිහන් දෙන්නේ.. මෙන්න බෝලෙ..
ෆියෝනා බෝලයට පයින් ගැහුවාය.
ටැන් කූ ඇන්ටි.. බෝලය අරගෙන වයස අවුරුදු හයක් විතර ඇති මේ පුංචි කොලු ගැටයා ඈතට දිව ගියේය.
ඇන්ටි!!! මටද ඇන්ටි කිව්වේ..
ෆියෝනා වේගයෙන ගෙතුලට ගොස් කාමරයේ ඇති කණ්නාඩි මේසය ඉදිරියෙන් වාඩි වූවාය.
මොකද ඔරවගෙන ඉන්නේ.. ෆියෝනාගේ මව ඇයගෙන් ඇසුවාය.
මං වයසට ගිහිල්ලද අම්මේ? මට තාම අවුරුදු 24 යි නේ. ඇයි අර අලුතින් ආපු ගෙදර මල්ලි මට ඇන්ටි කිව්වේ?
ෆියෝනාගේ මව මද හිනාවක් පෑවේ ඇය ද මේ ප්‍රශ්නයට මුහුණ දී ඇති වග මතක් කරමිනි.
පුතා, අර පොඩි එකා එක්ක බලද්දි, ඔයා ඉන්නේ අක්කා කියන්න බැරි වයසක, නමුත් ඇන්ටි කිව්වත් ගැලපෙන්නේ නැති වයසක. හැමෝටම මේ කාලෙ පහු කරන්න වෙනවා. ඔව්වා ගනන් ගන්න එපා පුතා.. වැඩක් ඇති දෙයක් ගැන හිතන්න..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews