Pages

Monday, March 21, 2016

කියහල්ලා.. වැටහෙන විදිහට...

ඇලෙක්ස් මුහුදු වෙරළට ගියේ හිතේ සැඟවිලා තියන ආදරය නිසා දුක් වෙන හිත සනසවන්නයි. 
මද නල ඔහුගේ මුව සිපගනිද්දී, නෙත් කොනින් කඩා වැටිච්ච කඳුලු බිංදු වල උණුහුම ඔහුට හොඳින්ම දැනුනේය. 
ඔහු ඈත අහසේ නිදහසේ ඉගිලෙන පුංචි කුරුල්ලෝ දෙස බැලුවේ කවදාවත් නොදැකපු දසුනක් ලෙසිනි. 
"අනේ උඹලාට පුලුවන්ද ගිහින් කියන්න මම එයාට ආදරය කරන තරම.."
"මගේ දිනපොතේ පිටුවක් පිටුවක් ගානේ එයා වෙනුවෙන් ලියපු කවි උඹලට පුලුවන්ද එයාට ඇහෙන්න ගයන්න.."
මට මාව තේරුම්ගන්න බැරි අයි?? 
මට ඇයි එයාව තෙරුම් ගන්න බැරි??
කියහල්ලා!! උඹලවත් මට කියහල්ලා!!
නොලැබෙන ආදරයක් නොපතා ඉන්න මට උගන්නපල්ලා..

Live Tweets -- Follow Me

    Total Pageviews