Pages

Monday, November 8, 2010

ඔබ ගැන වදනක් සෙනෙහෙ බර සිතින්..

ගුණ නැණ ඔවදන් මහා වැසි ලෙසිනේ,
අප සැම හට නිරතුරු ලබුනේ..
කැකුලු මලක් වී තුරුලට ආ සඳ,
සුගන්ධවත් කුසුමක් කෙරුවේ,
ගුරු මව් පියවරු ඔබමයි සැමදා,
නිති අප ලඟ හිදිමින්,

ඔබෙ ඔවදන් දෙසවන් තුල වේ..
ඔබෙ ගති පැවතුම් නිති වැජඹේ!
මේ විදුහල් භූමිය නිති සැරසුව,
සිප් සයුරෙන් කරුනාවෙන් තෙත් වුන,
සන්තාපය ඔබගේ...

දැහැමියාව හා සත්‍යතාවයට නිරතුරු ගරු කරමින්,
සිසු අප සැම දෙන ජය මාවත වෙත,
නිරතුරු යොමු කරමින්,
ඇප කැප වී විදුහල් භූමිය තුල,
ජය දධ නන්වන්නට අප හුරු කල,
ගුරුවරු නිති වැජඹේ!
ආදරේ.. ආදරේ.. ඔබ සැම හට සැමදා.


No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)