Pages

Monday, October 14, 2013

සිතිවිලි..


නිදන ලෙසට මද මරු මට හාදු දෙයි
නොනිදා ඉන්න! ඔබේ සුවඳ මට කියයි
මගේ සිතත් ඔබේ තුරුලෙම ලැගුම් ගයි
නලවන්නකෝ ලමැද තියා ස්නේහයෙන්..

වනපොත් වී ඔබේ රූපය මගේ හිතේ
මතක සුවඳ කවි සිත්තම් වී ගැයේ
මගේ මනස ඔබේ පහස නිති සොයයි
පෙම් සිතිවිලි මගේ සිත නිති කිති කවයි..

ඔබේ සෙනෙහස මතකෙට නැගෙනා විට
උණුසුම් කඳුලු පිපෙයි නෙතින් මුතු ඇට
පෙම් බස් දොඩන්නට කැමතී විටින් විට
ලං වී ඉන්න නිරතුරු වී මා ලඟට..


No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)