Pages

Friday, May 23, 2014

මතක සුවඳ..

ආදරේ කියා කියන්න වාරු නෑ මට
ඈත ඉඳන් කෝලකම් කලා හොරින් මම,
සේද වලාකුළු වියන් මැදින් හෙමින් ඔබ 
ඉගිල ගියේ ඈතට නොපෙනී ක්ෂිතිජය වෙත.

ඔබේ ආදරේ ලබන්න පිං මදිද මට,
සියුමැලි ඒ මතක සුවඳ දැනෙනවා මට,
නොදැක ඉන්න බෑ මගෙ හද රිදෙනවා තව,
කියන්න වැටහුණේ නැද්ද ආදරේ ඔබට..