Pages

Wednesday, August 28, 2024

ගොම්මන

ලය සොයන්නේම දැන් මගේ හිත නිවෙන තැන්

ප්‍රිය කරන්නේ තනිය කොහේ හිටියත් මෙ මං

කය නොදත් මගේ හිත දැන් හරිම නිසොල්මන්

ලය පුරා විහිද ගිය ගොම්මන මට හුරුයි දැන්


පය තියන අඩි පාර වැඩිද මන්දා දුරින්

කවි කතා වල කියන මල් බාර දුරද බං

ගව් ගනන් තව යන්න වාරු නෑ හිතේ දැන්

නවතින්නමයි හිතේ දැන් හොඳටම ඇති ඉතිං