Pages

Tuesday, August 23, 2016

Blinking Stars


Loads of stars up in the sky
Just together blinking alike
Each of them has a very own story
Light years away all lonely

Saturday, August 13, 2016

චංචල සිතිවිලි

කවි පෙළක් ලීවෙමි කොලය පුරා
ඉරි ඇඳ කැපුවෙමි දෙවරක් නොසිතා
ලීවෙමි ආයෙත් කවිය මුල සිට පද ගොතා
ගුලි කර විසි කලෙමි නැවතත් කොලය ඉරා

ලෙංගතු සිත ගැන පබඳින්න තරම්
හයියක් නැත මක්කැයි මම නොදනිම්
කැඩපත දනී මගේ සිත් තැවුල්
නුඹ දකිනා මුව යට සැඟවුණු වියවුල්

Thursday, August 11, 2016

හරි පුදුමයි

ඇලෙක්ස් ඈත අහස දෙස බලමින් මෙසේ ලීවේ හදවතට දැනෙන බැඳීමක් මතක් කරමිනි. 
"ජීවිතය හරිම පුදුමාකාරයි. සමහර බැඳීම් තියනවා තේරුම් ගන්න බැරි. නමුත් ඒ බැඳීම් වලට පුලුවන් අපේ ජීවිත වල ඇතිවන විඩාව, කාන්සිය, වියවුල් බව අසුරු සැනින නිරවුල් කරන්න. ආදරණීය වචන කිහිපයකින් මේ දේ කරන්න ඔවුන්ට පුලුවන්. විටෙක දරුවෙක් වගේ හුරතල් වෙන්නත්, වැඩිහිටියෙක් ලෙස අවවාද දෙන්නත්, ආදරයෙන් තුරුලු කරගෙන නලවන්නත්, අවශ්ය නම් බනින්නද ඔවුන් පසුබට වෙන්නේ නෑ. මොහතක්වත් හිත් යායෙන් ඈත් නොවී හැම මොහොතේම මතකයේ සිටින ඔවුන් සමඟ ඇති බැඳීම පැහැදිලි කරන්න බැරි අපූරු සෙනෙහසක්. ඇත්තටම එය ආශිර්වාදයක්.."


Live Tweets -- Follow Me

    Total Pageviews