Pages

Monday, July 24, 2017

අපැහැදිළි බැඳීම්

ආදරය නොහඳුන තැනකට ආදරය පුදන විට
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව

Monday, July 10, 2017

ලැජ්ජාකාරි


දුටුවත් ඔබේ සුකුමල වත හැමදාම
සිටියත් ලඟින් දැවටී නුඹ සත් සබඳ
දැනුනත් සෙනෙහෙ මහමෙර තරමට උසට
තවමත් නුඹව සඟවමි කව් පද  අතර

Monday, July 3, 2017

කවි පේළි

කලාවට ලැදි මගේ සිතේ
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි 
මයේ සබඳ...

මුතු මාලයක් සේ
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...

මා නොදත් මගේ ගුණ
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...

මගේ සිනහව පතන
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..

Live Tweets -- Follow Me

    Total Pageviews