Pages

Thursday, June 26, 2014

සමුගනිමි..

නුඹ මගේ සිත පුරා,
සක්මන් කරනා තුරා..
නොසන්සුන් මගේ මනස..
තවත් වියවුල් වෙනා..

දැන නොදැන සඳ නුඹට..
පෙම් කලා සිත් පුරා..
උමතු වී, ළතැවෙවී..
කොහේ යම්දෝ මෙමා.. 

තනිකමින් හද බිඳී..
ඉසව්වක් සොය සොයා..
යන කෘෂ්ණ භවය තුල..
වය වියපත් වෙලා..

දරුණු රළු සැඩ පහර..
දරන්නට බැරි නිසා..
මතු භවයේ හමුවන්න..
පතනවා සිත් පුරා..

නුඹේ දෙණුවන් බලා..
අවසන් සුසුම් හෙලා..
සමුගනිමි මා තොසින්..
තුටු කදුළැලි සලා..

Thursday, June 19, 2014

පොරොන්දුවක්..

කිවිඳියක් නොවුනාට
මාත්‍රා නොතිබුනාට,
හැඟුම්බර වදන් පෙළක් කුරුටු ගෑවේ කොළයක ඔබ,
නොසිතූ ලෙස මසිත තුල,
සඟවනමුත් ඔබ ලොවට ස්නේහය,
ගෙන පන්හිඳ කරට,
පබැඳ වදනින් වදන අරුත ගෙන,
අකලංක බැඳීමක් අභිසෙස් කලා ඔබ,
චින්තනයේ අනන්තයට,
දිව ගොස් පද සිතුවම් කොට,
සෙනෙහෙ මුසු කොට වියා පද වැල,
සිප ගත්තා ඔබ, අහින්සක හද මඩල..
ගයන්නට ඔබේ ගුණ, නෑ මේ දුභලායා ලඟ වචන
ඔබේ පවර චිත්තය දැක,
මගේ සියුම් සිත් යායට
දෝරගලා ආ සෙනෙහස
දැනුනේ මහමෙරක් උසට..
ශෝචනීය දසාව අඳුරේ තනි කර දමා ඉතින්,
මෙතැන් පටන් සිනහව පමණයි අත් වන්නේ ඔබ හට..

Friday, June 13, 2014

ලෙන්ගතු සිත..


ඔබ නොදන්නවා වුනාට, 
ඔබෙ දෙනෙතට නොපෙනුනාට,
දිව්‍ය අංඟනාවක් ඈ, සුර ලෝකයේ එළිය දුටුව.. 
ලෙන්ගතු හදවතක අරුත..

තනිවූ මොහොතක සිතන්න,
කඩඉම් නැති ආදර සිත 
ඔබත් එක්ක ඉන්නා බව, 
නොනිමෙන තුටු දැල් දල්වන..

යටගිය වංහුං මොකටද,
සෙනෙහස් රැස් විහිදෙන කල,
හුදෙකලාව නැත කිසි කල,
ඔබේ ගුණවත් සිත් මඩලට..




Live Tweets -- Follow Me

    Total Pageviews