Pages

Saturday, September 30, 2017

ලොකුම මායාව

මගේ සිතට දැනුනු මේ සිතිවිලි ධාරාව සටහන් කරන්න හිතුණා. 
අවුරුදු දහයකට පෙර මාත් එක්ක හිටපු මගේ යාලුවෝ දැන් මා ළඟ නැහැ,
ඔවුන්ගේ පින්තූර එකින් එක බලනකොට මා දැනසිටි ඒ පොඩි උන් ම දැයි කියා මට හිතෙනවා,
ගවුම් කෑලි ඇඳපු උන් දැන් සාරි අඳිනවා,
උයන්න ට බැරිව හිටපු හැම එකාම රසට උයනවා,
ළමයි නලවන්න බෑ කියපු එවුන් ළමයි නලවනවා,
ගෙදර අත ඇරලා කොහෙවත් යන්නෙ නෑ කියපු උන් දුර ඈත රටවල් වලට වෙලා තනිවම ජීවත් වෙනවා,
කොල්ලා දාලා ගියා කියලා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා හිටපු එවුන් දැන් කසාද බැඳලා,
මමයි උඹේ හොඳම යාලුවා කියපු එවුන්ව දැන් හොයා ගන්නවත් නෑ,
හැම අවුරුද්දෙම අපි සෙට් වෙමු කියපු ඒවයේ කෑලිත් නැ,
සමහර එවුන් ව මට අඳුරගන්නත් බෑ!
මේක තමයි මගේ ජීවිතයේ මම දැකපු ලොකුම මායාව,
කාලය කල වෙනසක අරුමය...

Monday, July 24, 2017

අපැහැදිළි බැඳීම්

ආදරය නොහඳුන තැනකට ආදරය පුදන විට
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව

Monday, July 10, 2017

ලැජ්ජාකාරි


දුටුවත් ඔබේ සුකුමල වත හැමදාම
සිටියත් ලඟින් දැවටී නුඹ සත් සබඳ
දැනුනත් සෙනෙහෙ මහමෙර තරමට උසට
තවමත් නුඹව සඟවමි කව් පද  අතර

Monday, July 3, 2017

කවි පේළි

කලාවට ලැදි මගේ සිතේ
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි 
මයේ සබඳ...

මුතු මාලයක් සේ
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...

මා නොදත් මගේ ගුණ
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...

මගේ සිනහව පතන
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..

Live Tweets -- Follow Me

    Total Pageviews