Pages

Friday, December 30, 2022

නුහුරු ස්වරය

 නුඹ කවියකි, හිත ගත නෙත පිනවන

තාලය ඇසෙන විට ආලය පීදෙන

රාගය කිමැයි මම තවමත් සොයන

රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන


බ්‍රින්දාවනීද නැතිනම් භූපාලිද

කාෆිත් නොවන මධුවන්තිද පරදවන

නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය

මගේ මනස ප්‍රේමාදරයෙන් බඳින

Live Tweets -- Follow Me

    Total Pageviews