Pages

Friday, September 18, 2020

ඇලෙක්සැන්ඩ්‍රාගේ ආදර කතාව

 ඔහුව දකින සෑම විටම මගේ හදවත ඉතා නොඉවසිල්ලෙන් ස්පන්දනය වන වග දැනගත්තේ අද ඊයේ නොවේ.

ඒ අපූරු හැගීම වචනයට පෙරලන්න සත්තකින්ම වචන නැති තරම්. ඔහුගේ හැම ඉරියව්වක්ම මම හොදින් දනිමි. ඔහුගේ පියවර රටාවේ ස්වර සටහන් මම හොදින් හදුනමි. ඔහුගේ ගොරෝසු කටහඬ, කතා බහ කරන ලීලාව, ඒ ආඩම්බර සිනහව, සර්වාංගයම කිලිපොලා යන හැගුම් ගෙන එයි. සිහිනෙන් පවා වද දෙන ඔහු ගැන මගේ හිතේ ජනිත වී ඇති මේ අමුතු සිතිවිල්ලෙන් මිදෙන්නට අවශ්‍ය වූවත්, එම සීමාව ඉක්මවා ගොස් ඇති වග මට වැටහෙයි. ඔහු ගැන නොහිතන මොහොතක් නැති තරම්. විටෙක ඔහුද මා දෙස බලාන ඉන්නා වග මට දැනෙයි. ඒත් එය මම මවාගත් මනස්ගාතයක් විතරක්ම විය හැකිය" මාස කිහිපයකට පෙර තැබූ සටහනක් ඇලෙක්සැන්ඩ්‍රා කියවා, මද සින්හවක් පා, දිනපොතේ අලුත් පිටුවක අද සිදුවූ දෑ සටහන් කරන්න පටන්ගත්තාය. මතු සම්බන්ධයි.

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews