නුඹ කවියකි, හිත ගත නෙත පිනවන
තාලය ඇසෙන විට ආලය පීදෙන
රාගය කිමැයි මම තවමත් සොයන
රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන
බ්‍රින්දාවනීද නැතිනම් භූපාලිද
කාෆිත් නොවන මධුවන්තිද පරදවන
නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය
මගේ මනස ප්‍රේමාදරයෙන් බඳින
නුඹ කවියකි, හිත ගත නෙත පිනවන
තාලය ඇසෙන විට ආලය පීදෙන
රාගය කිමැයි මම තවමත් සොයන
රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන
බ්‍රින්දාවනීද නැතිනම් භූපාලිද
කාෆිත් නොවන මධුවන්තිද පරදවන
නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය
මගේ මනස ප්‍රේමාදරයෙන් බඳින
නෙත්කළු සොමි රැල් කැටි කර නිමල
සිත්කලු රුවකි ඔබ හට නිරතුරු කමල
කන්කලු ඔබේ වදන් සවනට වැටෙන කල
දැකුම්කලු වසත් කල සිහිවෙයි විමල
සන්තාපයෙන් සියුමැලි සියපතකි ඔබ
ගුණයෙන් අරුණ රැගෙනෙන හිමිදිරිය ඔබ
වදනින් මන්ද මාරුත සුව ගෙනෙන ඔබ
රුවින් කැලුම් විහිදන සිත්තමකි ඔබ
අමලු ප්‍රභා විහිදෙන මිනි හසරැල්ලකි
කදුලු විඩා සනසන ප්‍රිය සිහිලැල්ලකි
මහළු නොවන බිළිඳෙකුගේ හිනැහිල්ලකි
කැකුළු අපට ඔබෙ සිනහව නැළවිල්ලකි
ගුණ රැස් විහිදුවන පිංබර වුවන ඔබේ
මොදරැස් වලින් බබළන මුදු මනස ඔබේ
වෙසෙස් මෙවන් ගුණ ගී කව් කලත් ඔබේ
අදෙස් වදන් නැත ගයන්න සුගුණ ඔබේ