Pages

Friday, September 26, 2025

දුරින් හිඳ මම පෙම් කරන්නම්

හදේ රැදී ඇති පෙමේ තරම මම

ලොවට කියන්නේ නෑ ඉතිං

දුරින් හිටියත් ඔබේ මතකය

හිතේ ගැඹරෙම ඇති නිතින් 


මගේ ප්‍රේමය නොවැටහෙණ ඔබ

හට කියන්නට බෑ තැවුල්

දුරින් හිඳ මම පෙම් කරන්නම්

නිබඳවම මුලු හදවතින්


ප්‍රේමයට මම ප්‍රේම කලේ 

නුඹ ගැන ලියැවෙනා කව් කතාවෙන්

ලෝකයට මම ගයන්නේ ඒ

ආදරය හරි ආදරෙන්

Live Tweets -- Follow Me

    Total Pageviews