Monday, March 5, 2018
Wednesday, February 28, 2018
හැගුම්
"ඔහුව දකින සෑම විටම මගේ හදවත ඉතා නොඉවසිල්ලෙන් ස්පන්දනය වන වග දැනගත්තේ අද ඊයේ නොවේ.
ඒ අපූරු හැගීම වචනයට පෙරලන්න සත්තකින්ම වචන නැති තරම්ය.
ඔහුගේ හැම ඉරියව්වක්ම මම හොදින් දනිමි.
ඔහුගේ පියවර රටාවේ ස්වර සටහන් මම හොදින් හදුනමි.
ඔහුගේ ගොරෝසු කටහඬ,
කතා බහ කරන ලීලාව,
ඒ ආඩම්බර සිනහව,
සර්වාංගයම කිලිපොලා යන හැගුම් ගෙන එයි.
සිහිනෙන් පවා වද දෙන ඔහු ගැන මගේ හිතේ ජනිත වී ඇති මේ අමුතු සිතිවිල්ලෙන් මිදෙන්නට අවශ්ය වූවත්, එම සීමාව ඉක්මවා ගොස් ඇති වග මට වැටහෙයි.
ඔහු ගැන නොහිතන මොහොතක් නැති තරම්ය.
විටෙක ඔහුද මා දෙස බලාන ඉන්නා වග මට දැනෙයි. ඒත් එය මම මවාගත් මනස්ගාතයක් විතරක්ම විය හැකිය"

මාස කිහිපයකට පෙර තැබූ සටහනක් ඇලෙක්සැන්ඩ්රා කියවා, මද සින්හවක් පා, දිනපොතේ අලුත් පිටුවක අද සිදුවූ දෑ සටහන් කරන්න පටන්ගත්තාය.
මතු සම්බන්ධයි.
Thursday, February 15, 2018
ඇලෙක්ස්ගේ ආදරය
ඇලෙක්ස් පිස්සුවෙන් වගේ ආදරේ කලේ මුලු ලෝකයම අමතක කරලා..
ඉහලට පහළ ට යන හුස්මක් ගානේ දෙවියන්ට කන්නලව් කලේ එයාගේ ජීවිතයට සතුට ලගාකර දෙන්න කියලා.. පුලුවන් හැම වෙලාවකම ලගින්ම හිටියේ එයාගේ හිත ගොඩාක් අය රිද්දපු නිසා.. ලැබෙන හැම අවස්ථාවවක්ම ලස්සන කලේ ඒ අදුරු අතීතයෙන් එයාව බේරාගෙන එයාට සතුට විතරක් ලගාකර දෙන්න හිතපු නිසා..
ඒත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..
ආදරයෙන් තුරුල් කරගත්ත, හැම මොහොතක්ම හදවතින්ම වැළදගත්ත ඒ අපූරු බැදීම, ඒ අහිංසක ආදරය සුන්දර මතකයක් විතරක් වෙලා..
ලගින් හිටියත් එයා ගොඩාක් දුරස් වෙලා.. අභියෝග මැදින් ඇලෙක්ස් එයාට ලං වුනේ කිසිම දිනක මේ වගේ ඈත් වෙන්න නම් නොවේ..
ඒත් සියලු දෑ අනිත්යයි.. හැගීම් අවිනිශ්චිතයි. ජීවිතය පුදුමාකාරයි..
මේ හැම දෙයක්ම ඇලෙක්ස් දිනපොතේ සටහන් කලේ තවත් එක් පරිච්ඡේදයක් ලෙසටයි.

-නිමි-
Saturday, September 30, 2017
ලොකුම මායාව
මගේ සිතට දැනුනු මේ සිතිවිලි ධාරාව සටහන් කරන්න හිතුණා.
අවුරුදු දහයකට පෙර මාත් එක්ක හිටපු මගේ යාලුවෝ දැන් මා ළඟ නැහැ,
ඔවුන්ගේ පින්තූර එකින් එක බලනකොට මා දැනසිටි ඒ පොඩි උන් ම දැයි කියා මට හිතෙනවා,
ගවුම් කෑලි ඇඳපු උන් දැන් සාරි අඳිනවා,
උයන්න ට බැරිව හිටපු හැම එකාම රසට උයනවා,
ළමයි නලවන්න බෑ කියපු එවුන් ළමයි නලවනවා,
ගෙදර අත ඇරලා කොහෙවත් යන්නෙ නෑ කියපු උන් දුර ඈත රටවල් වලට වෙලා තනිවම ජීවත් වෙනවා,
කොල්ලා දාලා ගියා කියලා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා හිටපු එවුන් දැන් කසාද බැඳලා,
මමයි උඹේ හොඳම යාලුවා කියපු එවුන්ව දැන් හොයා ගන්නවත් නෑ,
හැම අවුරුද්දෙම අපි සෙට් වෙමු කියපු ඒවයේ කෑලිත් නැ,
සමහර එවුන් ව මට අඳුරගන්නත් බෑ!
මේක තමයි මගේ ජීවිතයේ මම දැකපු ලොකුම මායාව,
කාලය කල වෙනසක අරුමය...

Monday, July 24, 2017
අපැහැදිළි බැඳීම්
ආදරය නොහඳුන තැනකට ආදරය පුදන විට
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව
Monday, July 10, 2017
Monday, July 3, 2017
කවි පේළි
කලාවට ලැදි මගේ සිතේ
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි
මයේ සබඳ...
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි
මයේ සබඳ...
මුතු මාලයක් සේ
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...
මා නොදත් මගේ ගුණ
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...
මගේ සිනහව පතන
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..
Subscribe to:
Posts (Atom)