Pages

Sunday, November 2, 2014

සයුර නුඹ..

වෙරළ කිති කවා ඈතට දිව යන,
අපගේ හදවත නිරතුරු සනසන,
දුක, සොම්නස දෙක එකට බෙදන්නට,
සිටියේ සැමදා නුඹමය සමුදුර..

වියරු වැටී හිටි හැටියේ වෙරළට,
දිව ආවේ ඇයි අප වනසන්නට,
ආදර සෙනෙහස දැක්වූ නුඹ හට,
දිය රකුසා යැයි පවසයි මුළු රට..

පුංචි පොඩිත්තන් වැල්ලේ පෙරළී,
සෙල්ලම් කල හැටි මතකද කවඩී,
නුඹ එන විට රළ පෙළ හට දැවටී,
සිටි කල නැවතත් නොනැගෙයි මතුවී.,


Sunday, August 31, 2014

I, me and myself

I do not have one best friend
Because I love everyone and make best friends
I do not know how to lie,
Because I live only once and I want to be myself
I do not want to hurt people,
Because I know how it feels and how deep it can be
I do not want to be a trouble
Because I love to be on my own
I do not want to stop learning
Because I love to know and do new things
I do not know how to judge
Because I think everyone is true and honest
I do not want to disrespect anyone
Because each and everyone has their way
I do not know to limit my love
Because I truly care from the bottom of my heart
I do not know how to be happy
When someone is sad and weary
I do not know how to give up
Because after the storm the sun will shine
I do not want to stop dreaming
Because it makes me happy and gives me hope
I do not know how to be sad
Because I want everyone around to be happy
I do not want to be fake
Because I was born this way and I’m proud about it..

Friday, August 29, 2014

Happy Day...

An angel from above was smiling bright..
Early in the morning reflecting light..
Way up high in outer space,
That big wide smile just made my day..

Sunday, August 3, 2014

ඇය..

හිරු නොනැගෙන වසන්තයක්,
ගැන සිතනා හද මඩලක්..
අමාවක සැන්දෑවේ,
සඳ රැස් විහිද සැලෙනා කල්..
පිපෙනා මල් පර නොවෙනා
ලෝකයකට පෙරුම් පුරණ..
දෙව් ලොවකට උරුම කියන
පාරමි මුණගැසුණා මට..
සත් ගුණවත් සන්තාපයේ
සිහින මාලිගා තනනා කල,
ලෝකයටම එළිය ගෙනෙන,
සුභාෂිණිය වූවා ඇය..
සැමගේ සිත සනසන,
නිවහල් ඔසුවක් වූ සඳ..
රෑ අහසේ තරු අතරේ,
තනි වෙන්නට එපා තවත්..
ඔබ පතනා ප්‍රාර්ථනා,
ඔබේ පිවිතුරු ආයාචනා,
මතු දිනකදී සුවඳැති මල් යායක් වී පිබිදේවා..
ඔබේ පවර සිතුවිලි දල රල පෙළ නැග වැජඹෙවා..
ඔබ නොදන්නවා වුනාට..
ඔබේ දෙනෙතට නොපෙනුනාට..
ඔබේ සතුට පතනා මම
නිරතුරුවම ඔබ ලඟින්ම..

Thursday, July 31, 2014

Love the way you love!

You never think of your time,
you spend them for me,
you love the time, which you be with me,
you send me love sealed with a kiss,
I love it all, all I have it now.
You make me smile no tears in my life,
You surprise me with wonders I dream,
You give me the best no one deserves it,
I feel so lucky like a fantasy. 
I have loads of things to be proud 
I really can not list them out..
Feeling romantic all the time you smile..
I wanna shout to the world and say that all..
You love me more than anything at all..

Saturday, July 26, 2014

I'm helpless..


It's unfair... I want to cry...
Wanting a warm hug...
Thinking again...
Everyone is around, I feel I'm alone..
Why does it repeat?
Over and over again...
What is happening?
I have got no clue...
I want to cry.. Leave me alone...
Sometimes I'm happy...
Because tiny things gladden my heart,
But when everything is far away...
And nobody understands...
I'm helpless...


Thursday, July 17, 2014

සසල සිත..

මම කවුද.. කිමද මේ..
අරුතක් නොදැන මා..
කෙසේ කියම්දෝ ඔබට,
වියවුල් මනසක පෑ..

සුහද බස් දොඩන්නේ,
හිඳ ගව් හතක් දුරින්..
ගැටුණු විට, නෙතට නෙත,
වෙනතක බලා යමින්..

උණු වුනේ මගේ සිත,
දැක ඔබේ සත් සුගුණ..
වදනකින් හෝ ඔබව,
සනසන්නට සිතුණි මට.

ඔබේ සිනහව පතන,
අහිංසක මගේ ලය..
ඉකි ගසා අඬන්නේ,
නොහඟවා මගේ නෙතට..

කුමක් කලාද මම?
මම දන්නේ නෑ තවම..
ඔබට ලං වන්නට,
අවසර නැතිද මට?


Live Tweets -- Follow Me

    Total Pageviews