Pages

Saturday, September 30, 2017

ලොකුම මායාව

මගේ සිතට දැනුනු මේ සිතිවිලි ධාරාව සටහන් කරන්න හිතුණා. 
අවුරුදු දහයකට පෙර මාත් එක්ක හිටපු මගේ යාලුවෝ දැන් මා ළඟ නැහැ,
ඔවුන්ගේ පින්තූර එකින් එක බලනකොට මා දැනසිටි ඒ පොඩි උන් ම දැයි කියා මට හිතෙනවා,
ගවුම් කෑලි ඇඳපු උන් දැන් සාරි අඳිනවා,
උයන්න ට බැරිව හිටපු හැම එකාම රසට උයනවා,
ළමයි නලවන්න බෑ කියපු එවුන් ළමයි නලවනවා,
ගෙදර අත ඇරලා කොහෙවත් යන්නෙ නෑ කියපු උන් දුර ඈත රටවල් වලට වෙලා තනිවම ජීවත් වෙනවා,
කොල්ලා දාලා ගියා කියලා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා හිටපු එවුන් දැන් කසාද බැඳලා,
මමයි උඹේ හොඳම යාලුවා කියපු එවුන්ව දැන් හොයා ගන්නවත් නෑ,
හැම අවුරුද්දෙම අපි සෙට් වෙමු කියපු ඒවයේ කෑලිත් නැ,
සමහර එවුන් ව මට අඳුරගන්නත් බෑ!
මේක තමයි මගේ ජීවිතයේ මම දැකපු ලොකුම මායාව,
කාලය කල වෙනසක අරුමය...

Monday, July 24, 2017

අපැහැදිළි බැඳීම්

ආදරය නොහඳුන තැනකට ආදරය පුදන විට
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව

Monday, July 10, 2017

ලැජ්ජාකාරි


දුටුවත් ඔබේ සුකුමල වත හැමදාම
සිටියත් ලඟින් දැවටී නුඹ සත් සබඳ
දැනුනත් සෙනෙහෙ මහමෙර තරමට උසට
තවමත් නුඹව සඟවමි කව් පද  අතර

Monday, July 3, 2017

කවි පේළි

කලාවට ලැදි මගේ සිතේ
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි 
මයේ සබඳ...

මුතු මාලයක් සේ
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...

මා නොදත් මගේ ගුණ
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...

මගේ සිනහව පතන
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..

Thursday, September 8, 2016

Mighty Oak

Stand tall oh mighty oak, for all the world to see,
your strength and undying beauty forever amazes me.
Though storm clouds hover above you,
your branches span the sky,
in search of the radiant sunlight you
count on to survive.
When the winds are high and restless and 
you lose a limb or two,
it only makes you stronger, we
could learn so much from you.
Though generations have come and gone
and brought about such change,
quietly you've watched them all yet still
remained the same.
I only pray God give to me the strength he's 
given you,
to face each day with hope, whether 
skies are black or blue,
Life on earth is truly a gift
every moment we must treasure,
it's the simple things we take for granted
that become our ultimate pleasures.

Source: #FamilyFriendPoems

Tuesday, August 23, 2016

Blinking Stars


Loads of stars up in the sky
Just together blinking alike
Each of them has a very own story
Light years away all lonely

Saturday, August 13, 2016

චංචල සිතිවිලි

කවි පෙළක් ලීවෙමි කොලය පුරා
ඉරි ඇඳ කැපුවෙමි දෙවරක් නොසිතා
ලීවෙමි ආයෙත් කවිය මුල සිට පද ගොතා
ගුලි කර විසි කලෙමි නැවතත් කොලය ඉරා

ලෙංගතු සිත ගැන පබඳින්න තරම්
හයියක් නැත මක්කැයි මම නොදනිම්
කැඩපත දනී මගේ සිත් තැවුල්
නුඹ දකිනා මුව යට සැඟවුණු වියවුල්

Live Tweets -- Follow Me

    Total Pageviews