Sunday, November 2, 2014

සයුර නුඹ..

වෙරළ කිති කවා ඈතට දිව යන,
අපගේ හදවත නිරතුරු සනසන,
දුක, සොම්නස දෙක එකට බෙදන්නට,
සිටියේ සැමදා නුඹමය සමුදුර..

වියරු වැටී හිටි හැටියේ වෙරළට,
දිව ආවේ ඇයි අප වනසන්නට,
ආදර සෙනෙහස දැක්වූ නුඹ හට,
දිය රකුසා යැයි පවසයි මුළු රට..

පුංචි පොඩිත්තන් වැල්ලේ පෙරළී,
සෙල්ලම් කල හැටි මතකද කවඩී,
නුඹ එන විට රළ පෙළ හට දැවටී,
සිටි කල නැවතත් නොනැගෙයි මතුවී.,


No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews