Pages

Thursday, September 19, 2013

මට පුළුවන් විදිහට..

මා බාල වියේ සිට හිතේ තිබූ හීනයක් හැබෑ කරගන්න පුළුවන් කාලයක් උදා වෙලා කියා පැවසුවොත් මම නිවැරදියි. දැනට මම මේ ව්‍යාපෘතිය තනිවම කරගෙන යන අතර එය ඉතා කුඩා පරිමාණයෙනි. මම දියත් කරන ඊලඟ ව්‍යාපෘතිය වන්නේ, අලුත් අවුරුද්දට පොත් ලැයිස්තුව මිලදී ගන්න බැරි නංඟිලා මල්ලිලාට පුලුවන් විදිහට දායක වෙන්න. මේ කටයුත්ත මහා පරිමාණයෙන් දියත් කිරීමට  දැනට හැකියාවක් නොපවතින අතර, හැකිතාක් දුරට මගේ යහලු යෙහෙලියන්, නෑ හිතමිතුරන් දැනුවත් කර සියලු කටයුතු සූදානම් කර ඇත.


"Help a Friend" යැයි මම මෙම ව්‍යාපෘතිය නම් කලේ, මෙය අපූරු සංකල්පයක් මත ගොඩ නැගුනු එකක් වූ බැවිනි. ඔබේ යහළුවෙක්, යෙහෙලියක්, නෑ හිත මිතුරෙක් තම මූලික අව්ශ්‍යතාවක් සපුරා ගැනීමට නොහැකිව සිටිනවා නම්, ඔබ්ට පුලුවන් ඒ ගැන අපට දැනුම් දෙන්න. ඒ වගේම, ඔබට පුලුවන් විදිහට එම කටයුත්තට දායක වෙන්න. මෙයින් ඔබේ හිතවතා නොදැනුවත්වම ඔහුගේ/ඇයගේ අහින්සක බලාපොරොත්තු ඉටුවනවා ඇති. මේ දවස් වල පැවත්වෙන ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය අපේ උතුම් ක්‍රියාවට මහඟු අත්වැලක්. වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට ලැබීමෙන්, වැඩි දෙනෙකුට පරිත්‍යාග කිරීමේ හැකියාවද ලැබේ. එලෙසම මේ වන තුරු වචනයෙන් හෝ මගේ පසු පස සිටි සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙමි.

1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews