Pages

Showing posts with label mother. Show all posts
Showing posts with label mother. Show all posts

Monday, December 1, 2014

අම්මා ඔබ මට..

පුංචි කාලේ සුරතලේට 
කම්මුල් සිප නොගත්තාට,
හඬනා විට නලවන්නට 
බෝනික්කෝ නොදුන්නාට
සෙවනැල්ලක් වී සිටි වග 
වැටහෙන්නේ දැනුයි මෙමට
අම්මේ ඔබගේ සෙනෙහස 
දැනෙන්නේ මහ මෙරක් උසට..

මම එනතුරු බලා ඉන්නේ 
තවමත් නොනිදා හැමවිට
මට බඩහිනි වන විට 
තවමත් බෑ ඉවසන්න ඔබට
ඔබ මං වෙනුවෙන් කල දෑ
සිහියට නැගෙනා විට මට
කඳුලැලි සිපගන්නේ 
මගෙ නෙත ගත හදවත උණුකර.. 

ආසයි මට නැලවෙන්නට 
තුරුලේ ඔබගේ හැම දින
පිං මදි වී වෙන් වෙන්නට 
කාලය ලංවී ඇත මට
මේ ලොව මා දුටු කිසිවෙකු 
ලඟ නැත ඔබගේ ගුණදම්
රකිනෙමි දිවි ඇති තෙක් 
උගත් සුගුණ මම ඔබගෙන්..

Live Tweets -- Follow Me

    Total Pageviews