නුඹ කවියකි, හිත ගත නෙත පිනවන
තාලය ඇසෙන විට ආලය පීදෙන
රාගය කිමැයි මම තවමත් සොයන
රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන
බ්රින්දාවනීද නැතිනම් භූපාලිද
කාෆිත් නොවන මධුවන්තිද පරදවන
නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය
මගේ මනස ප්රේමාදරයෙන් බඳින
නුඹ කවියකි, හිත ගත නෙත පිනවන
තාලය ඇසෙන විට ආලය පීදෙන
රාගය කිමැයි මම තවමත් සොයන
රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන
බ්රින්දාවනීද නැතිනම් භූපාලිද
කාෆිත් නොවන මධුවන්තිද පරදවන
නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය
මගේ මනස ප්රේමාදරයෙන් බඳින
නෙත්කළු සොමි රැල් කැටි කර නිමල
සිත්කලු රුවකි ඔබ හට නිරතුරු කමල
කන්කලු ඔබේ වදන් සවනට වැටෙන කල
දැකුම්කලු වසත් කල සිහිවෙයි විමල
සන්තාපයෙන් සියුමැලි සියපතකි ඔබ
ගුණයෙන් අරුණ රැගෙනෙන හිමිදිරිය ඔබ
වදනින් මන්ද මාරුත සුව ගෙනෙන ඔබ
රුවින් කැලුම් විහිදන සිත්තමකි ඔබ
අමලු ප්රභා විහිදෙන මිනි හසරැල්ලකි
කදුලු විඩා සනසන ප්රිය සිහිලැල්ලකි
මහළු නොවන බිළිඳෙකුගේ හිනැහිල්ලකි
කැකුළු අපට ඔබෙ සිනහව නැළවිල්ලකි
ගුණ රැස් විහිදුවන පිංබර වුවන ඔබේ
මොදරැස් වලින් බබළන මුදු මනස ඔබේ
වෙසෙස් මෙවන් ගුණ ගී කව් කලත් ඔබේ
අදෙස් වදන් නැත ගයන්න සුගුණ ඔබේ
ඔහුව දකින සෑම විටම මගේ හදවත ඉතා නොඉවසිල්ලෙන් ස්පන්දනය වන වග දැනගත්තේ අද ඊයේ නොවේ.
ඒ අපූරු හැගීම වචනයට පෙරලන්න සත්තකින්ම වචන නැති තරම්. ඔහුගේ හැම ඉරියව්වක්ම මම හොදින් දනිමි. ඔහුගේ පියවර රටාවේ ස්වර සටහන් මම හොදින් හදුනමි. ඔහුගේ ගොරෝසු කටහඬ, කතා බහ කරන ලීලාව, ඒ ආඩම්බර සිනහව, සර්වාංගයම කිලිපොලා යන හැගුම් ගෙන එයි. සිහිනෙන් පවා වද දෙන ඔහු ගැන මගේ හිතේ ජනිත වී ඇති මේ අමුතු සිතිවිල්ලෙන් මිදෙන්නට අවශ්ය වූවත්, එම සීමාව ඉක්මවා ගොස් ඇති වග මට වැටහෙයි. ඔහු ගැන නොහිතන මොහොතක් නැති තරම්. විටෙක ඔහුද මා දෙස බලාන ඉන්නා වග මට දැනෙයි. ඒත් එය මම මවාගත් මනස්ගාතයක් විතරක්ම විය හැකිය" මාස කිහිපයකට පෙර තැබූ සටහනක් ඇලෙක්සැන්ඩ්රා කියවා, මද සින්හවක් පා, දිනපොතේ අලුත් පිටුවක අද සිදුවූ දෑ සටහන් කරන්න පටන්ගත්තාය. මතු සම්බන්ධයි.