Pages

Thursday, June 26, 2014

සමුගනිමි..

නුඹ මගේ සිත පුරා,
සක්මන් කරනා තුරා..
නොසන්සුන් මගේ මනස..
තවත් වියවුල් වෙනා..

දැන නොදැන සඳ නුඹට..
පෙම් කලා සිත් පුරා..
උමතු වී, ළතැවෙවී..
කොහේ යම්දෝ මෙමා.. 

තනිකමින් හද බිඳී..
ඉසව්වක් සොය සොයා..
යන කෘෂ්ණ භවය තුල..
වය වියපත් වෙලා..

දරුණු රළු සැඩ පහර..
දරන්නට බැරි නිසා..
මතු භවයේ හමුවන්න..
පතනවා සිත් පුරා..

නුඹේ දෙණුවන් බලා..
අවසන් සුසුම් හෙලා..
සමුගනිමි මා තොසින්..
තුටු කදුළැලි සලා..

Thursday, June 19, 2014

පොරොන්දුවක්..

කිවිඳියක් නොවුනාට, 
මාත්‍රා නොතිබුනාට,
හැඟුම්බර වදන් පෙළක් කුරුටු ගෑවේ කොළයක ඔබ,
නොසිතූ ලෙස මසිත තුල,
සඟවනමුත් ඔබ ලොවට ස්නේහය,
ගෙන පන්හිඳ කරට,
පබැඳ වදනින් වදන අරුත ගෙන,
අකලංක බැඳීමක් අභිසෙස් කලා ඔබ,
චින්තනයේ අනන්තයට,
දිව ගොස් පද සිතුවම් කොට,
සෙනෙහෙ මුසු කොට වියා පද වැල,
සිප ගත්තා ඔබ, අහින්සක හද මඩල..
ගයන්නට ඔබේ ගුණ, නෑ මේ දුභලායා ලඟ වචන
ඔබේ පවර චිත්තය දැක,
මගේ සියුම් සිත් යායට
දෝරගලා ආ සෙනෙහස
දැනුනේ මහමෙරක් උසට..
ශෝචනීය දසාව අඳුරේ තනි කර දමා ඉතින්,
මෙතැන් පටන් සිනහව පමණයි අත් වන්නේ ඔබ හට..

Friday, June 13, 2014

ලෙන්ගතු සිත..


ඔබ නොදන්නවා වුනාට, 
ඔබෙ දෙනෙතට නොපෙනුනාට,
දිව්‍ය අංඟනාවක් ඈ, සුර ලෝකයේ එළිය දුටුව.. 
ලෙන්ගතු හදවතක අරුත..

තනිවූ මොහොතක සිතන්න,
කඩඉම් නැති ආදර සිත 
ඔබත් එක්ක ඉන්නා බව, 
නොනිමෙන තුටු දැල් දල්වන..

යටගිය වංහුං මොකටද,
සෙනෙහස් රැස් විහිදෙන කල,
හුදෙකලාව නැත කිසි කල,
ඔබේ ගුණවත් සිත් මඩලට..




Friday, May 23, 2014

මතක සුවඳ..

ආදරේ කියා කියන්න වාරු නෑ මට
ඈත ඉඳන් කෝලකම් කලා හොරින් මම,
සේද වලාකුළු වියන් මැදින් හෙමින් ඔබ 
ඉගිල ගියේ ඈතට නොපෙනී ක්ෂිතිජය වෙත.

ඔබේ ආදරේ ලබන්න පිං මදිද මට,
සියුමැලි ඒ මතක සුවඳ දැනෙනවා මට,
නොදැක ඉන්න බෑ මගෙ හද රිදෙනවා තව,
කියන්න වැටහුණේ නැද්ද ආදරේ ඔබට..



Tuesday, December 31, 2013

Teamwork and Leadership in Islam

It is well known that, since the beginning of time, man is unable to live in isolation. We Muslims believe, even with all the beauties in Heaven, Adam (peace be upon him) was made a wife – Hawa’ (Eve) – for the sake of companionship – and this marked the formation of the first team on earth.

In Islam there are so many successful examples and stories on teamwork and leadership. The father-son relationship of Ibrahim and

Monday, October 14, 2013

සිතිවිලි..


නිදන ලෙසට මද මරු මට හාදු දෙයි
නොනිදා ඉන්න! ඔබේ සුවඳ මට කියයි
මගේ සිතත් ඔබේ තුරුලෙම ලැගුම් ගයි
නලවන්නකෝ ලමැද තියා ස්නේහයෙන්..

වනපොත් වී ඔබේ රූපය මගේ හිතේ
මතක සුවඳ කවි සිත්තම් වී ගැයේ
මගේ මනස ඔබේ පහස නිති සොයයි
පෙම් සිතිවිලි මගේ සිත නිති කිති කවයි..

ඔබේ සෙනෙහස මතකෙට නැගෙනා විට
උණුසුම් කඳුලු පිපෙයි නෙතින් මුතු ඇට
පෙම් බස් දොඩන්නට කැමතී විටින් විට
ලං වී ඉන්න නිරතුරු වී මා ලඟට..


Saturday, October 12, 2013

සමනල සංධවනිය මට ඇසුන හැටි..

විටෙක ඇසෙන විටෙක නොඇසෙන අහිංසක හැඟීමක් වටා ගෙතුනු ඉතා සංවේදී අමුතුම කතාවක් යැයි පැවසුවොත් මා නිවැරදිය. මෙම චීත්‍රපටය නරඹන විට මගේ සිතට නැගුණු හැඟීම් බොහෝය, කිමද මෙම කතාව අප කාගේත් ජීවිතයේ සිටින ඒ ව්ශේෂ, අපිට ලං විය නොහැකි වුවත් අමුතු බැඳීමක් ඇතැයි සිතෙන, අසාමාන්‍ය වූ නමුත් අතිපිවිතුරු, සුමිහිරි මතකයන් ගෙන එන, ඒ සුන්දර වූ හෘදස්පන්දනයයි. මෙය වචනයට හෝ සමාජයේ පිලිගත් මතිමතාන්තර වලට හෝ සීමා කල නොහැකි එකකි. වාධීශ නැමති චරිතයද එවැනි අත්දැකීමකට මුහුණ දෙන අහිංසක චරිතයකි.

Live Tweets -- Follow Me

    Total Pageviews