Pages

Showing posts with label Songs. Show all posts
Showing posts with label Songs. Show all posts

Sunday, December 19, 2010

When you tell me that you love me...!!!

I wanna call the stars 
Down from the sky 
I wanna live a day 
That never dies 
I wanna change the world 
Only for you 
All the impossible 
I wanna do 

I wanna hold you close 
Under the rain 
I wanna kiss your smile 
And feel the pain 
I know what's beautiful 
Looking at you 
In a world of lies 
You are the truth 

And baby 
Everytime you touch me 
I become a hero 
I'll make you safe 
No matter where you are 
And bring you 
Everything you ask for 
Nothing is above me 
I'm shining like a candle in the dark 
When you tell me that you love me 

I wanna make you see 
Just what I was 
Show you the loneliness 
And what it does 
You walked into my life 
To stop my tears 
Everything's easy now 
I have you here 

And baby 
Everytime you touch me 
I become a hero 
I'll make you safe 
No matter where you are 
And bring you 
Everything you ask for 
Nothing is above me 
I'm shining like a candle in the dark 
When you tell me that you love me 

In a world without you 
I would always hunger 
All I need is your love to make me stronger 

And baby 
Everytime you touch me 
I become a hero 
I'll make you safe 
No matter where you are 
And bring you 
Everything you ask for 
Nothing is above me 
I'm shining like a candle in the dark 
When you tell me that you love me 

You love me 
When you tell me that you love me






A song by Westlife feat Diana Ross
Dedicated my loving honey

Tuesday, November 23, 2010

සුපෙම් සුසුම්

ඔබ හිමිද මා හට අහිමිද,
ඔබෙ හදට තුරුලු විය මට හැකිද,
සැබවින්ම මා හට ආදරෙද..
ඔබ නොදැක ඉන්නට මට බැරි ඇයි,
ඔබ නොදුටු විට මගේ සිත හඬයි,
හදවතින්ම ගයන්නේ ආදරේ..
නේත්තරා තුඩින් ඔබ හෙලනා සියුමැලි පෙම්වදන්
ආදරේ උතුරා සිත තොසින් පිපෙන තරම්
සංසාරේ දනී මා ඔබ හට පෙම් කරනා තරම්,
ඔබේ අත ගන්නට ඇතිද මට වරම් ..

ආදර ගුරු මව්නි,

සඳේ කැලුම් හිමි,
හිරු දෙවඟන ඔබ,
නොහිටියොතින් අද සඳ අඳුරේ..
ආදරයේ උල්පත් වන් ඔබෙ නෙත්,
සාගරයේ ඇයි ගිලිහී ගියේ..

සෙනෙහස සොය සොය,
ආ විට මා හට,
දිව් ලිය ඔබ නෙතු හට ගැටුනේ,
ඔබගෙන් මා ලද පෙම්බර සෙනෙහස,
ලොව කොතැනකවත් නොලැබුවෙමි.

තරු කැට තරමට,
මා දිරිමත් කර,
ඔබ අද ඇයි මා තනි කෙරුවේ..
මව් වී ගුරුතුමියත් වී සිටි ඔබ,
අසුරු සැනින් ඇයි සමුගත්තේ..


Friday, November 19, 2010

ඔබටයි මේ ආයාචනා!

රෑ අහසේ සඳ දකින්න මං හරි ආසයි,
දුර ඈත උනත් ලගින් ඉන්න නම් හරි ආසයි,
තරු කැලක් මැදට වී හිනැහෙන,
නිති හසරැල්ලෙන් සැරසුන,
ඔබත් එක්ක ගුවන් ගැබේ ඉන්නට ආසයි,
ඔබේ ආදර කැලුමෙන් සැරසෙන්නට ආසයි.

මේ දෙරණේ රළු භාවය
අහසේ ඉන්න ඔබ නොදන්නේ,
මගේ නෙතින් සිතින් ඈත ඉන්න සඳ නිසයි,
එනමුත් ඔබ අඳුරු ලොවට තනි පහන් ටැඹක්.
මගේ හිතට නිවහල් සැනසුම දෙන ඔසුවක්.

සිත දුහුල් මලක් මෙන් නිදහස් 
ඔබව දකින්නට ඇතිනම්,
ඔබේ කන්කලු වදනින් මට
නිති සැරසෙන්නට ඇතිනම්,
මගේ සිතේ සෙනෙහස දල රළ පෙළ නැග එයි.
සුකොමළ කව් ගී පද වැල් නිති මුව දැවටෙයි.


Thursday, November 18, 2010

මතක සිතුවම්

ඔබෙ නෙත් පන්හිඳෙන් ඔබේ නාමය
මගෙ බොළඳ හදවතේ සිතුවම් කලේ ඔබයි,
ඔබ හෙලනා සු දිව්‍යමය බැල්මෙන් මගෙ කුලුඳුල් ආදරය,
ඔබට පුදන්නට සිදු කලේද ඔබයි.

ඔබෙ ආදරනීය මුව නොදැක සිටින්නට
බැරි තරමට මා හද මන් මත් කලේ ඔබයි,
සදා කල් උමතුව ඔබෙ නම සැම තැන
ගයන්න සිදුවුයේ ඔබ නිසයි.

ඔබ හා තුරුලුව සැමදා මට ඉන්නට හැකිනම්,
ඔබගේ හදවත මට තිලින කරන්නට හැකි නම්,
මතු ආත්මයෙත් හමුවේ නම්,
සදා කල් ආදරේ මං..

පද රචනය හා තනුව: zසා zසා



Monday, November 8, 2010

ඔබ ගැන වදනක් සෙනෙහෙ බර සිතින්..

ගුණ නැණ ඔවදන් මහා වැසි ලෙසිනේ,
අප සැම හට නිරතුරු ලබුනේ..
කැකුලු මලක් වී තුරුලට ආ සඳ,
සුගන්ධවත් කුසුමක් කෙරුවේ,
ගුරු මව් පියවරු ඔබමයි සැමදා,
නිති අප ලඟ හිදිමින්,

ඔබෙ ඔවදන් දෙසවන් තුල වේ..
ඔබෙ ගති පැවතුම් නිති වැජඹේ!
මේ විදුහල් භූමිය නිති සැරසුව,
සිප් සයුරෙන් කරුනාවෙන් තෙත් වුන,
සන්තාපය ඔබගේ...

දැහැමියාව හා සත්‍යතාවයට නිරතුරු ගරු කරමින්,
සිසු අප සැම දෙන ජය මාවත වෙත,
නිරතුරු යොමු කරමින්,
ඇප කැප වී විදුහල් භූමිය තුල,
ජය දධ නන්වන්නට අප හුරු කල,
ගුරුවරු නිති වැජඹේ!
ආදරේ.. ආදරේ.. ඔබ සැම හට සැමදා.


Sunday, April 18, 2010

අහිංසක අපෙක්ෂා!

අමාවක දිනයේ,
අඳුරු රජ දහනේ,
සඳේ කැලුම් මග බලමින්,
දැන දැන මා නෙතු රවටවමින්,

ප්‍රේම කව් ගීත ඉමිහිරි වුනා මට,
අන්ධාදරේ මා කවියෙක් කලා,
ඔබේ නාමයේ ගී ස්වර ගය ගයා,
උන්මාද ප්‍රේමාදරෙන් වෙලුනා..
එනමුදු ඈතයි - සිත අවිනීතයි
නිරන්තර පෙමකින් බැඳුනා..

මල් යහනේ සැතපෙන්න වරම් නැතේ මට,
සුරඟන කුමරිය ඔබෙ හදවතේ,
ඔබේ නමින් ඈ විකසිත වූ දින,
මුලු දිවියම සයුරේ ගිලුනා.
එනමුදු පවසයි - සිත ආදරේ..
සොම් රැස් මග බලමින් අහසේ..


Thursday, April 1, 2010

අහිමි වූ සිහිනය..

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

පෙරුම් පුරා මා ඉටු කරලන්නට
සදා සිහින මැවූ,
සෙනෙහස වෙනුවෙන් සතුටු කරන්නට
දහසක් පැතුම් පැතූ..
සදා.........
ආදරනීය වූ...

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

සිහින ලොවක මා තනි වී සිටියෙමි,
සිහිනෙන් මා හද සනසා ගත්තෙමි,
ඔබ වෙනුවෙන් එය ඉටු කරලන්නට,
මගේ සිහිනය හට පන දෙන්නට,
නොහැකිව කදුලැලි සලමින්,
නොහැකිව කදුලැලි සලමින්..//

කඳුලැලි ගංඟාවට සේදුනු,
සිහිනයකි ඒ මට අහිමි වූ..//

පද රචනය හා තනුව: zසා zසා




Live Tweets -- Follow Me

    Total Pageviews