හිරු දෙවඟන ඔබ,
නොහිටියොතින් අද සඳ අඳුරේ..
ආදරයේ උල්පත් වන් ඔබෙ නෙත්,
සාගරයේ ඇයි ගිලිහී ගියේ..
සෙනෙහස සොය සොය,
ආ විට මා හට,
දිව් ලිය ඔබ නෙතු හට ගැටුනේ,
ඔබගෙන් මා ලද පෙම්බර සෙනෙහස,
ලොව කොතැනකවත් නොලැබුවෙමි.
තරු කැට තරමට,
මා දිරිමත් කර,
ඔබ අද ඇයි මා තනි කෙරුවේ..
මව් වී ගුරුතුමියත් වී සිටි ඔබ,
අසුරු සැනින් ඇයි සමුගත්තේ..
No comments:
Post a Comment
Your comments are highly appreciated ...
- Sharmila :)