Pages

Sunday, April 18, 2010

අහිංසක අපෙක්ෂා!

අමාවක දිනයේ,
අඳුරු රජ දහනේ,
සඳේ කැලුම් මග බලමින්,
දැන දැන මා නෙතු රවටවමින්,

ප්‍රේම කව් ගීත ඉමිහිරි වුනා මට,
අන්ධාදරේ මා කවියෙක් කලා,
ඔබේ නාමයේ ගී ස්වර ගය ගයා,
උන්මාද ප්‍රේමාදරෙන් වෙලුනා..
එනමුදු ඈතයි - සිත අවිනීතයි
නිරන්තර පෙමකින් බැඳුනා..

මල් යහනේ සැතපෙන්න වරම් නැතේ මට,
සුරඟන කුමරිය ඔබෙ හදවතේ,
ඔබේ නමින් ඈ විකසිත වූ දින,
මුලු දිවියම සයුරේ ගිලුනා.
එනමුදු පවසයි - සිත ආදරේ..
සොම් රැස් මග බලමින් අහසේ..


No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews