Pages

Thursday, November 18, 2010

මතක සිතුවම්

ඔබෙ නෙත් පන්හිඳෙන් ඔබේ නාමය
මගෙ බොළඳ හදවතේ සිතුවම් කලේ ඔබයි,
ඔබ හෙලනා සු දිව්‍යමය බැල්මෙන් මගෙ කුලුඳුල් ආදරය,
ඔබට පුදන්නට සිදු කලේද ඔබයි.

ඔබෙ ආදරනීය මුව නොදැක සිටින්නට
බැරි තරමට මා හද මන් මත් කලේ ඔබයි,
සදා කල් උමතුව ඔබෙ නම සැම තැන
ගයන්න සිදුවුයේ ඔබ නිසයි.

ඔබ හා තුරුලුව සැමදා මට ඉන්නට හැකිනම්,
ඔබගේ හදවත මට තිලින කරන්නට හැකි නම්,
මතු ආත්මයෙත් හමුවේ නම්,
සදා කල් ආදරේ මං..

පද රචනය හා තනුව: zසා zසා



1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews