Pages

Friday, September 26, 2025

දුරින් හිඳ මම පෙම් කරන්නම්

හදේ රැදී ඇති පෙමේ තරම මම

ලොවට කියන්නේ නෑ ඉතිං

දුරින් හිටියත් ඔබේ මතකය

හිතේ ගැඹරෙම ඇති නිතින් 


මගේ ප්‍රේමය නොවැටහෙණ ඔබ

හට කියන්නට බෑ තැවුල්

දුරින් හිඳ මම පෙම් කරන්නම්

නිබඳවම මුලු හදවතින්


ප්‍රේමයට මම ප්‍රේම කලේ 

නුඹ ගැන ලියැවෙනා කව් කතාවෙන්

ලෝකයට මම ගයන්නේ ඒ

ආදරය හරි ආදරෙන්

Wednesday, August 28, 2024

ගොම්මන

ලය සොයන්නේම දැන් මගේ හිත නිවෙන තැන්

ප්‍රිය කරන්නේ තනිය කොහේ හිටියත් මෙ මං

කය නොදත් මගේ හිත දැන් හරිම නිසොල්මන්

ලය පුරා විහිද ගිය ගොම්මන මට හුරුයි දැන්


පය තියන අඩි පාර වැඩිද මන්දා දුරින්

කවි කතා වල කියන මල් බාර දුරද බං

ගව් ගනන් තව යන්න වාරු නෑ හිතේ දැන්

නවතින්නමයි හිතේ දැන් හොඳටම ඇති ඉතිං

Saturday, March 18, 2023

I'll keep the love alive

My heart aches with the loss of something loved,

A void now fills the space where it once lived.

It seemed so small, so trivial at first,

But now the pain has grown, and my heart hurts.

 

The memories flood back like a tidal wave,

Each one a reminder of what we gave.

The moments we shared, the laughter and tears,

Now distant echoes from a time gone by years.

 

I search for solace in the depths of my soul,

But the ache remains, a gaping hole.

The pain is raw, the wound is deep,

And every breath feels like I'm trying to keep

 

Hold of something that has slipped away,

Something I thought would forever stay.

But now it's gone, and I'm left alone,

Feeling like a part of me has flown.

 

Yet even in the darkness, there's a glimmer of light,

A hope that things will be alright.

For though the loss is great, the love remains,

A flame that flickers through the heartache's pains.

 

So I'll hold onto the memories and the love we shared,

Knowing that it's something that cannot be compared.

And though the heartache may never fully fade,

I'll keep the love alive, a tribute to what we made.

Saturday, March 11, 2023

A love that will last, forever and long

 My heart is full, yet my lips stay still,

For the words of my love, remain unfulfilled.

It's a love that's hidden, deep within,

A secret that's kept, never to begin.

 

My love is like a rose, in the morning dew,

A beauty that's seen by only a few.

It's a flame that burns, with a fiery glow,

Yet it's a love that nobody will ever know.

 

I watch you from afar, with a longing heart,

Wishing that one day, we'll never be apart.

But my love stays silent, with no voice to speak,

And my heart aches, with the love I seek.

 

It's a love that's pure, and true in every way,

But it's a love that's never meant to see the light of day.

For fear of rejection, or losing your friendship too,

I'll keep my love a secret, forever and true.

 

So, my love remains untold, a hidden treasure,

A love that's locked away, without measure.

But in my heart, it burns bright and strong,

A love that will last, forever and long.

Sweetest Treasure

When I first saw you, my heart skipped a beat,

I knew in that moment, my life was complete.

Your eyes, they shone like stars in the sky,

And I knew then that I'd love you till I die.


With every passing day, my love for you grows,

Like a blooming flower, that nobody knows.

You are the sunshine that brightens my day,

And I'm grateful for you, in every single way.

 

Your smile is like music, that soothes my soul,

And your touch is like a warm, comforting bowl.

Your love is like a river, that flows endlessly,

And I'm so grateful, that you're here with me.

 

I promise to love you, through thick and thin,

To be your rock, your shelter, your everything.

I'll cherish you always, and never let go,

For in your arms, is where I feel whole.

 

So let's walk this path, hand in hand,

Together forever, we'll make our stand.

For in this life, there's nothing greater,

Than the love we share, our sweetest treasure.

Friday, December 30, 2022

නුහුරු ස්වරය

 නුඹ කවියකි, හිත ගත නෙත පිනවන

තාලය ඇසෙන විට ආලය පීදෙන

රාගය කිමැයි මම තවමත් සොයන

රසිකයෙකි නුඹේ උන්මාදයෙන් පෙළෙන


බ්‍රින්දාවනීද නැතිනම් භූපාලිද

කාෆිත් නොවන මධුවන්තිද පරදවන

නුඹටම උරුම ඒ අපූරු ස්වර පන්තිය

මගේ මනස ප්‍රේමාදරයෙන් බඳින

Friday, January 15, 2021

කවියක්

 නෙත්කළු සොමි රැල් කැටි කර නිමල

සිත්කලු රුවකි ඔබ හට නිරතුරු කමල

කන්කලු ඔබේ වදන් සවනට වැටෙන කල

දැකුම්කලු වසත් කල සිහිවෙයි විමල


සන්තාපයෙන් සියුමැලි සියපතකි ඔබ

ගුණයෙන් අරුණ රැගෙනෙන හිමිදිරිය ඔබ

වදනින් මන්ද මාරුත සුව ගෙනෙන ඔබ

රුවින් කැලුම් විහිදන සිත්තමකි ඔබ


අමලු ප්‍රභා විහිදෙන මිනි හසරැල්ලකි

කදුලු විඩා සනසන ප්‍රිය සිහිලැල්ලකි

මහළු නොවන බිළිඳෙකුගේ හිනැහිල්ලකි

කැකුළු අපට ඔබෙ සිනහව නැළවිල්ලකි


ගුණ රැස් විහිදුවන පිංබර වුවන ඔබේ

මොදරැස් වලින් බබළන මුදු මනස ඔබේ

වෙසෙස් මෙවන් ගුණ ගී කව් කලත් ඔබේ

අදෙස් වදන් නැත ගයන්න සුගුණ ඔබේ

Friday, September 18, 2020

ඇලෙක්සැන්ඩ්‍රාගේ ආදර කතාව

 ඔහුව දකින සෑම විටම මගේ හදවත ඉතා නොඉවසිල්ලෙන් ස්පන්දනය වන වග දැනගත්තේ අද ඊයේ නොවේ.

ඒ අපූරු හැගීම වචනයට පෙරලන්න සත්තකින්ම වචන නැති තරම්. ඔහුගේ හැම ඉරියව්වක්ම මම හොදින් දනිමි. ඔහුගේ පියවර රටාවේ ස්වර සටහන් මම හොදින් හදුනමි. ඔහුගේ ගොරෝසු කටහඬ, කතා බහ කරන ලීලාව, ඒ ආඩම්බර සිනහව, සර්වාංගයම කිලිපොලා යන හැගුම් ගෙන එයි. සිහිනෙන් පවා වද දෙන ඔහු ගැන මගේ හිතේ ජනිත වී ඇති මේ අමුතු සිතිවිල්ලෙන් මිදෙන්නට අවශ්‍ය වූවත්, එම සීමාව ඉක්මවා ගොස් ඇති වග මට වැටහෙයි. ඔහු ගැන නොහිතන මොහොතක් නැති තරම්. විටෙක ඔහුද මා දෙස බලාන ඉන්නා වග මට දැනෙයි. ඒත් එය මම මවාගත් මනස්ගාතයක් විතරක්ම විය හැකිය" මාස කිහිපයකට පෙර තැබූ සටහනක් ඇලෙක්සැන්ඩ්‍රා කියවා, මද සින්හවක් පා, දිනපොතේ අලුත් පිටුවක අද සිදුවූ දෑ සටහන් කරන්න පටන්ගත්තාය. මතු සම්බන්ධයි.

Friday, May 24, 2019

ජාතිවාදයට පිළිතුරක් තියනවාද?

මම ඉගෙන ගත්තේ කතෝලික පාසලක. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැම ජාතියකම ළමයි අපේ ඉස්කෝලෙට ආවා. අපේ හිත්වල කිසිම දිනක, පොඩි සිතිවිල්ලකින්වත් අපි එකිනෙකාට වෙනස්ය යන අදහස පහළ වෙලා නෑ. ජාතිවාදය කියන වචනයේ අරුතවත් අපි නොදන්නේ, එක බත් ගෙඩිය පොරකකා කාපු නිසා, හැම ගොං මගඩි වැඩක්ම එකතු වෙලා කරපු නිසා, හැම ආගමික උත්සවයක්ම එකතුවෙලා සමරපු නිසා. අපිට උගන්වපු ගුරුවරු අපේ සමගිය ගැන ආඩම්බර වුණා. තව තවත් සමගියෙන් වැඩ කරන්න ඉගැන්වූවා. ඔවුන්ගේ ඒ මග පෙන්වීම් අපිට ශක්තියක් වුණා. කවුරුහරි මේ ජාතිවාදයට පිළිතුරක් හොයනවා නම්, තමන්ගේ දරුවන් හැම ජාතියකම හා හැම ආගමක්ම අදහන මිනිස්සු ඉන්න තැනක හැදෙන්න මග සලස්වන්න. එතකොට මගේ ලෝකය වගේම එයාලාගේ ලෝකයත් ලස්සන තැනක් වෙයි.

Friday, August 3, 2018

Phrases That Instantly Persuade People

This is not magic and will guarantee you 100% success rate but, start adding these phrases to your vocabulary and you will realize how effective these phrases are.

When you want to get picked up for something always use below phrase to position your picture in the selector's mind.

I have a question, in case if you hire me / pick me for this task, right after sometime how will you know that you have made the right decision?

Wednesday, August 1, 2018

5 ways to improve your negotiation skills

Network in Advance - Build Emotional Equity

Never go to meetings directly to negotiate what you want. Get to know them, build the connection, try to help them out on something that they are trying to work out and so defiantly this will build up your emotional equity with them where they will become more comfortable, will have trust and you will have a higher chance of convincing them to your proposals.

Envision Your Conversation in Advance

Its always good to have a game plan. It doesn't say that the conversation will flow as you planned but definitely you are prepared for all the cross questions and

Monday, March 5, 2018

වැස්ස

වැස්සත් එක්ක 
අමුතු බැදීමක් තියනවා කියලා හිතෙන්නේ 
මට විතරද? 
අඩ අදුරේ ඉදන් 
අහස් ගැබ සරසන විදුලි සැර රටා විදින්න 
කැමති මම විතරද? 
චිරි බිරි චිරි බිරි තාලයට වැටෙන

ඔබත් එවන් එකෙක්ද?

Image result for sri lanka flagජාති ආගම් පාට පක්ෂ කුල මල බේද නොතකා,
තවකෙකුට ප්‍රේම කරන්නට, 
කරදරයකදී උදව් කරන්නට, 
අලුත් සහෝදරකම් ඇති කරගන්නට හිතක් පහළ වෙන්නේ
මනුස්සකම් අදුරන
මනුස්සකම අගයන
සත් ගුණ දම් පිළිපදින 
පටු සංකල්ප හෙලා දකින
සුළු පිරිසකට පමණි.
ඔබත් එවන් එකෙක්ද?

Wednesday, February 28, 2018

හැගුම්

"ඔහුව දකින සෑම විටම මගේ හදවත ඉතා නොඉවසිල්ලෙන් ස්පන්දනය වන වග දැනගත්තේ අද ඊයේ නොවේ.
ඒ අපූරු හැගීම වචනයට පෙරලන්න සත්තකින්ම වචන නැති තරම්ය.
ඔහුගේ හැම ඉරියව්වක්ම මම හොදින් දනිමි.
ඔහුගේ පියවර රටාවේ ස්වර සටහන් මම හොදින් හදුනමි.
ඔහුගේ ගොරෝසු කටහඬ,
කතා බහ කරන ලීලාව,
ඒ ආඩම්බර සිනහව,
සර්වාංගයම කිලිපොලා යන හැගුම් ගෙන එයි.
සිහිනෙන් පවා වද දෙන ඔහු ගැන මගේ හිතේ ජනිත වී ඇති මේ අමුතු සිතිවිල්ලෙන් මිදෙන්නට අවශ්‍ය වූවත්, එම සීමාව ඉක්මවා ගොස් ඇති වග මට වැටහෙයි.
ඔහු ගැන නොහිතන මොහොතක් නැති තරම්ය.
විටෙක ඔහුද මා දෙස බලාන ඉන්නා වග මට දැනෙයි. ඒත් එය මම මවාගත් මනස්ගාතයක් විතරක්ම විය හැකිය"
මාස කිහිපයකට පෙර තැබූ සටහනක් ඇලෙක්සැන්ඩ්‍රා කියවා, මද සින්හවක් පා, දිනපොතේ අලුත් පිටුවක අද සිදුවූ දෑ සටහන් කරන්න පටන්ගත්තාය.

මතු සම්බන්ධයි.

Thursday, February 15, 2018

ඇලෙක්ස්ගේ ආදරය

ඇලෙක්ස් පිස්සුවෙන් වගේ ආදරේ කලේ මුලු ලෝකයම අමතක කරලා..
ඉහලට පහළ ට යන හුස්මක් ගානේ දෙවියන්ට කන්නලව් කලේ එයාගේ ජීවිතයට සතුට ලගාකර දෙන්න කියලා.. පුලුවන් හැම වෙලාවකම ලගින්ම හිටියේ එයාගේ හිත ගොඩාක් අය රිද්දපු නිසා.. ලැබෙන හැම අවස්ථාවවක්ම ලස්සන කලේ ඒ අදුරු අතීතයෙන් එයාව බේරාගෙන එයාට සතුට විතරක් ලගාකර දෙන්න හිතපු නිසා..
ඒත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..
ආදරයෙන් තුරුල් කරගත්ත, හැම මොහොතක්ම හදවතින්ම වැළදගත්ත ඒ අපූරු බැදීම, ඒ අහිංසක ආදරය සුන්දර මතකයක් විතරක් වෙලා..
ලගින් හිටියත් එයා ගොඩාක් දුරස් වෙලා.. අභියෝග මැදින් ඇලෙක්ස් එයාට ලං වුනේ කිසිම දිනක මේ වගේ ඈත් වෙන්න නම් නොවේ..
ඒත් සියලු දෑ අනිත්‍යයි.. හැගීම් අවිනිශ්චිතයි. ජීවිතය පුදුමාකාරයි..
මේ හැම දෙයක්ම ඇලෙක්ස් දිනපොතේ සටහන් කලේ තවත් එක් පරිච්ඡේදයක් ලෙසටයි.
-නිමි-

Saturday, September 30, 2017

ලොකුම මායාව

මගේ සිතට දැනුනු මේ සිතිවිලි ධාරාව සටහන් කරන්න හිතුණා. 
අවුරුදු දහයකට පෙර මාත් එක්ක හිටපු මගේ යාලුවෝ දැන් මා ළඟ නැහැ,
ඔවුන්ගේ පින්තූර එකින් එක බලනකොට මා දැනසිටි ඒ පොඩි උන් ම දැයි කියා මට හිතෙනවා,
ගවුම් කෑලි ඇඳපු උන් දැන් සාරි අඳිනවා,
උයන්න ට බැරිව හිටපු හැම එකාම රසට උයනවා,
ළමයි නලවන්න බෑ කියපු එවුන් ළමයි නලවනවා,
ගෙදර අත ඇරලා කොහෙවත් යන්නෙ නෑ කියපු උන් දුර ඈත රටවල් වලට වෙලා තනිවම ජීවත් වෙනවා,
කොල්ලා දාලා ගියා කියලා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා හිටපු එවුන් දැන් කසාද බැඳලා,
මමයි උඹේ හොඳම යාලුවා කියපු එවුන්ව දැන් හොයා ගන්නවත් නෑ,
හැම අවුරුද්දෙම අපි සෙට් වෙමු කියපු ඒවයේ කෑලිත් නැ,
සමහර එවුන් ව මට අඳුරගන්නත් බෑ!
මේක තමයි මගේ ජීවිතයේ මම දැකපු ලොකුම මායාව,
කාලය කල වෙනසක අරුමය...

Monday, July 24, 2017

අපැහැදිළි බැඳීම්

ආදරය නොහඳුන තැනකට ආදරය පුදන විට
බැඳීම් නැති තැනක බැඳීම් ඇති කර ගත් විට
හිමි නොවනා සෙනෙහසකට උරුමය පතන විට
හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුළැලි නිබඳව

Monday, July 10, 2017

ලැජ්ජාකාරි


දුටුවත් ඔබේ සුකුමල වත හැමදාම
සිටියත් ලඟින් දැවටී නුඹ සත් සබඳ
දැනුනත් සෙනෙහෙ මහමෙර තරමට උසට
තවමත් නුඹව සඟවමි කව් පද  අතර

Monday, July 3, 2017

කවි පේළි

කලාවට ලැදි මගේ සිතේ
සියුම් තැන් ස්පර්ශ් කර
ලියූ ඒ කවි පේළි සුන්දරයි 
මයේ සබඳ...

මුතු මාලයක් සේ
පද වැල් එක පේළියට
එක් කර ගොතා යසට
ලීවේ මා වෙනුවෙන්ද...

මා නොදත් මගේ ගුණ
නුඹ කරන විට වරුණ
හදවතට දැනෙන්නේ
නුඹේ ආදරේ තරම...

මගේ සිනහව පතන
අහින්සක නුඹේ ලය
රිදවන්න බෑ තවත්
මා දුරස් වූ නමුත්..

Thursday, September 8, 2016

Mighty Oak

Stand tall oh mighty oak, for all the world to see,
your strength and undying beauty forever amazes me.
Though storm clouds hover above you,
your branches span the sky,
in search of the radiant sunlight you
count on to survive.
When the winds are high and restless and 
you lose a limb or two,
it only makes you stronger, we
could learn so much from you.
Though generations have come and gone
and brought about such change,
quietly you've watched them all yet still
remained the same.
I only pray God give to me the strength he's 
given you,
to face each day with hope, whether 
skies are black or blue,
Life on earth is truly a gift
every moment we must treasure,
it's the simple things we take for granted
that become our ultimate pleasures.

Source: #FamilyFriendPoems

Live Tweets -- Follow Me

    Total Pageviews