වීරිය ගෙන පිබිදෙමි දරු පෙම හිතට ගෙන,
දරු අඹු අපේ දොම්නස් ගිනි නිවගන්ට,
දුම් රිය සකට මගේ දෙපය නොදෙවෙනිය,
පැන් උගුරක් නොමැතිව මම උදේ පටන්
ඉන්නේ අව් රැසින් සැරසුනු දිදුල නෙතින්
ගන්නේ නොමැතිව බල බල යන සෙයිලමේ ලඳුන්,
දන්නේ නැතිද අපේ දහඩිය සැලෙන තරම්.
බැස යන හිරු අහසේ දකින විට,
පෙනෙයි මගෙ කිරි කැටියන් ගේ මුහුණ,
ගන්නට ඇතිනම් බෝනික්කෙක් උන්ට,
රජ කම ලැබූවා වගේ දැනේවි මට.