In Islam there are so many
successful examples and stories on teamwork and leadership. The father-son relationship of Ibrahim and
Tuesday, December 31, 2013
Teamwork and Leadership in Islam
Monday, October 14, 2013
සිතිවිලි..
නිදන ලෙසට මද මරු මට හාදු දෙයි
නොනිදා ඉන්න! ඔබේ සුවඳ මට කියයි
මගේ සිතත් ඔබේ තුරුලෙම ලැගුම් ගයි
නලවන්නකෝ ලමැද තියා ස්නේහයෙන්..
වනපොත් වී ඔබේ රූපය මගේ හිතේ
මතක සුවඳ කවි සිත්තම් වී ගැයේ
මගේ මනස ඔබේ පහස නිති සොයයි
පෙම් සිතිවිලි මගේ සිත නිති කිති කවයි..
ඔබේ සෙනෙහස මතකෙට නැගෙනා විට
උණුසුම් කඳුලු පිපෙයි නෙතින් මුතු ඇට
පෙම් බස් දොඩන්නට කැමතී විටින් විට
ලං වී ඉන්න නිරතුරු වී මා ලඟට..
Saturday, October 12, 2013
සමනල සංධවනිය මට ඇසුන හැටි..
විටෙක
ඇසෙන විටෙක නොඇසෙන අහිංසක හැඟීමක් වටා ගෙතුනු ඉතා සංවේදී අමුතුම කතාවක් යැයි පැවසුවොත් මා නිවැරදිය. මෙම චීත්‍රපටය නරඹන විට මගේ සිතට නැගුණු හැඟීම් බොහෝය, කිමද මෙම කතාව අප කාගේත් ජීවිතයේ සිටින ඒ ව්ශේෂ, අපිට ලං විය නොහැකි වුවත් අමුතු බැඳීමක් ඇතැයි සිතෙන, අසාමාන්‍ය වූ නමුත් අතිපිවිතුරු, සුමිහිරි මතකයන් ගෙන එන, ඒ සුන්දර වූ හෘදස්පන්දනයයි. මෙය වචනයට හෝ
සමාජයේ පිලිගත් මතිමතාන්තර වලට හෝ සීමා කල නොහැකි එකකි. වාධීශ නැමති චරිතයද එවැනි අත්දැකීමකට
මුහුණ දෙන අහිංසක චරිතයකි.
Monday, October 7, 2013
Leaving it for something better
position even though it has market research and analysis. Some people can call this as a fundamental mistake but I think all happened because life wanted me to learn some more. Well, I was offered a job in a multinational advertising firm and the current job I am doing. I was so excited because both the options are great. I did my best at the initial selection process for the position at the advertising firm but I the best story is about the current job I am doing.
I got a call from my current employer when I was at KFC exactly 19 months before. I was a bit surprised and didn't even care because I knew even if I go to this interview I would not get it. So what I did was I just forgot about it and was really excited about the job offer at the advertising firm. Because I knew I can perform very well.
Thursday, September 19, 2013
මට පුළුවන් විදිහට..
මා බාල වියේ සිට හිතේ තිබූ හීනයක් හැබෑ කරගන්න පුළුවන් කාලයක් උදා වෙලා කියා පැවසුවොත් මම නිවැරදියි. දැනට මම මේ ව්‍යාපෘතිය තනිවම කරගෙන යන අතර එය ඉතා කුඩා පරිමාණයෙනි. මම දියත් කරන ඊලඟ ව්‍යාපෘතිය වන්නේ, අලුත් අවුරුද්දට පොත් ලැයිස්තුව මිලදී ගන්න බැරි නංඟිලා මල්ලිලාට පුලුවන් විදිහට දායක වෙන්න. මේ කටයුත්ත මහා පරිමාණයෙන් දියත් කිරීමට දැනට හැකියාවක් නොපවතින අතර, හැකිතාක් දුරට මගේ යහලු යෙහෙලියන්, නෑ හිතමිතුරන් දැනුවත් කර සියලු කටයුතු සූදානම් කර ඇත.
Tuesday, September 17, 2013
කරුණාවති.. අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක්.
කව්ද මේ කරුණවති? පසුගිය දිනක කොලඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගොඩවැදුනේ මගේ මහත්තයාට වැලඳී තිබූ උණ සහ කැස්සට ප්‍රතිකාර ලබා ගැනීමටය. නර්ස් නෝනා අප දෙදෙනා දොස්තර මහත්මිය වෙතට යවන තුරු අප රැඳී සිටියේ වෙද්‍ය කුටිය පිටත පේලියට දමා ඇති ආසන වලය. සුපුරුදු ලෙස මගේ නෙතට ගැටෙන සියලු දේනා අධ්‍යනය කරන මම දුටුවේ බාල රෙදිපටක් වුවද ඉතා පිලිවලට මසා නිම කල ඇඳුමක් ඇඳගත් මිටි කාන්තාවකි. ඇය ඉතා සෙමින් ඇවිද ආවේ ජංගම දුරකතනයකින් කතා කර කර අප දෙසට ඇදී ආ කාන්තාවක් පසු පසින්ය.. ඇයගේ කතාවට සවන් දුන් මට දැනගන්නට ලැබුනේ ඇය හිටිවන බුදු පිළිමයක් මිලදී ගැනීමට තැනක් සොයන බැවිනි. ඇය දුරකථනයෙන් දිගටම කතා කරමින් පැමිණ පුටු දෙක තුනක් එහායින් අසුන් ගත්තාය.
මා දුටු මිටි කාන්තාව මා අසල හිටගෙන ඇය දෙස බලා සිටි අතර දුරකතනයෙන් කතා කර කර ආ කාන්තාව ඇයට වාඩි වන ලෙස හිසින් සංඥා කලාය. ඇයද එම සංඥාව අනුගමනය කරමින් මා අසල වාඩි වූවාය. සුළු මොහොතකට මට අනුමාන කර ගැනීමට නොහැකි වුනේ මේ ඇයගේ මවද නැතිනම් අඳුරන කාන්තාවක් ද කියා. නමුත් ඇය මව විය නොහැකිය, කිමද ඇය අසුන් ගැනීමට දෙවරක් කල්පනා කල බැවින්.
මා දුටු මිටි කාන්තාව මා අසල හිටගෙන ඇය දෙස බලා සිටි අතර දුරකතනයෙන් කතා කර කර ආ කාන්තාව ඇයට වාඩි වන ලෙස හිසින් සංඥා කලාය. ඇයද එම සංඥාව අනුගමනය කරමින් මා අසල වාඩි වූවාය. සුළු මොහොතකට මට අනුමාන කර ගැනීමට නොහැකි වුනේ මේ ඇයගේ මවද නැතිනම් අඳුරන කාන්තාවක් ද කියා. නමුත් ඇය මව විය නොහැකිය, කිමද ඇය අසුන් ගැනීමට දෙවරක් කල්පනා කල බැවින්.
දුරකතන ඇමතුම අවසන් වූ විගස ඇය අනෙක් කාන්තාව සමඟ කතා කරන්නට පටන් ගත්තාය. "කරුණාවති, ඔයා බෙහෙත් ඕනාවට වඩා අරගෙන ඇඟට ඔය බෙහෙත් පුරුදු වෙලා, ඒකයි ඔය කිසිම බෙහෙතක් දැන් වැඩකරන්නේ නැත්තේ". කරුණාවති ඇය දෙස බලා අහින්සක සිනහවක් පෑවාය.
Friday, August 23, 2013
Still at office.. wondering
It's a hectic day and I am still at office waiting for my husband to pick me. Kind of bored but still have the courage to write something. I'm just seeing random things right now, yes my coffee helps me a lot to do that. Still people are around trying to figure out their work and specially how to say good bye to their office computer. Its just tiring to stay in this chair and look at the screen and even look into others work. But I just don't know how to get rid of it.
Subscribe to:
Posts (Atom)
